මව්පියන්ට නිදි පෙති පෙවෙන්නට සලස්වා රාත්‍රියේ කල් ඇතිව තදට නින්දයාමෙන් පසු නිවසට තරුණයෙකු ගෙන්වාගෙන අඹුසැමි හැසිරීම්හි නිරතවූ බව කියන තරුණියක් සම්බන්ධ සිද්ධියක් වාර්තා වෙනවා.
මේ කියන තරුණිය රවටාගෙන ඇති ඇයගේ පෙම්වතා කියන පුද්ගලයා වසරක් පමණක් කාලයක් තිස්සේ ඇයට උපත් පාලන පෙති ලබාගෙන ඔහු සමග අඹුසැමි හැසිරීමෙහි නිරතවන්නට පොළඹවාගෙන තිබූ බව දෙමාපියන් කළ ප්‍රශ්න කිරීම වලදී අනාවරණයවී ඇත.
මේ දෙන්නා අතර සම්බන්ධය ඇතිව තිබෙන්නේ තරුණියට වයස 19 දීය.
මව්පියන් මිලට ගෙන දුන් ජංගම දුරකථනය ඔස්සේ මෙම සම්බන්ධය වර්ධනය වී ඇති අතර පණිවිඩ හුවමාරු හරහා ඇයට වරින්වර වීඩියෝ, ක්ලිප් එවා ඇති මෙම පුද්ගලයා ඇතැම් අවස්ථාවල වැඩිහිටියන්ට සීමාවූ අසභ්‍ය දර්ශනද ඇයට නරඹන්නට එවා ඇති බව සදහන්.
පසුව තරුණියව පිටතදී මුණ ගැසීමට බාධා නිසා නිවසේදී මුණගැසීමට ක්‍රමයක් කල්පනා කර ඇති නමුත් එයට පවතින එකම බාධකය දෙමාපියන් බව ඔවුන් කල්පණා කර තිබේ.
ඒ අනුව දෙමාපියන්ට නිදි පෙති ලබාදී නින්දට යාමට සලස්වා දෙන්නා අතර ඇසුර රහසිගතව පවත්වා යාමට හැකි නොවේදැයි අදහසක් පහළවී ඇත.
මව්පියන් නින්දට යාමෙන් පසු තරුණිය නිවස අසළ මග රැක සිටින පුද්ගලයාට දොර විවර කරන්නේ ඉන් අනතුරුවය.
මෙම සෙල්ලම ඇය පසුගිය මාස ගණනාව තිස්සේම කරගෙන ආ නමුත් එක් දිනක් හදිසියේ නින්දෙන් අවදිවූ තරුණියගේ පියාට නිවසට හොරෙක් ඇතුළුවී ඇතිදැයි කළ පරීක්ෂාවකදී තරුණියගේ කාමරයේ ඇසෙන ශබ්දය හොරාගේ නොව අනියම් ප්‍රේම ඇසුරකට අදාළ එකක් බව හඳුනාගන්නට වැඩි වේලාවක් ගොස් නැත.
වහාම කාමරයේ දොර වැසූ නිසා කාමරයේ සිටි පුද්ගලයාට පිටතට යාමට හැකියාවක් ලැබී නැත. “අනේ අංකල් මට මුකුත් කරන්න එපා..” යයි පිංසෙන්ඩුවී ඇත. තරුණිය “එයාට යන්න දෙන්න තාත්තී..” යයි කෑගසා ඇත.
අනතුරුව තරුණයාගේ නිවසට ගොස් තරුණියගේ දෙමාපියන් මේ බව දැනුවත් කර ඉදිරිපියවර ගැනිමට කටයුතු කර තිබේ.