වර්ෂයේදී මේ දක්වා සයිබර් අවකාශය ඔස්සේ ළමුන් අපයෝජයට ලක්වන සිද්ධි 98,000ක් ලැබී ඇති බව නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර පවසනවා.
එමෙන්ම 2022 වර්ෂයේ සයිබර් අවකාශය ඔස්සේ ළමුන් අපයෝජයට ලක්වන සිද්ධි පිළිබඳ පැමිණිලි 146,000ක් ලැබි ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
“සියලුම සමාජ මාධ්‍යවල හෝ සයිබර් අවකාශයට ළමයෙකුගේ නිරුවත් ඡායාරූපය, වීඩියෝ දර්ශන යම් පුද්ගලයෙකු විසින් මුදාහරිනවා නම් ඒවා මේ සාමාජ මාධ්‍ය තුළ බේදාහරිනවා නම්, නැතිනම් මෙවැනි වීඩියෝ නිතර නිතර නරඹනවා නම් එම තොරතුරු මේ අදාළ සමාජ මාධ්‍ය තුළින් සහ සයිබර් අවකාශයේ අනෙකුත් සේවා සපයන ආයතන විසින් මේ දත්ත පද්ධතිය සමග ඒ තොරතුරු හුවමාරු කරගන්නවා මේ දත්ත පද්ධතිය විසින් අදාළ අපරාධකරුවන් සහ වින්දිත දරුවන් සිටින රටවල්වලට මේ තොරුතුරු යොමු කරනවා. ඒ රටවල්වලට දැනුම්දෙනවා.. ඔබගේ රටේ මෙවැනි අපරාධ අන්තර්ජාලය හරහා විවිධ අපයෝජන සිදුවෙනවා කියා. මේ ආකාරයට ශ්‍රී ලංකාවටත් මේ සම්බන්ධතාවය ලැබිලා තිබෙනවා.”