බොහෝ වෙලාවට මේ කතාව අපේ සමාජයේ බොහෝ දෙනෙක්ගේ සිත්වල පැලපැදියම් වුනු කතාවක්. ඒත් ඒ කතාව මිථ්‍යාවක් බව ඔබ දන්නවාද?
“අලුකෙසෙල් කෑවම පුරුෂ ශක්තිය අඩුවෙනවා කියන එක කවුරුත් දන්න දෙයක්නේ. එහෙම නම් ඇයි හිර කාරයෝ වගේ අයට හැමදාම වගේ අලුකෙසෙල් දෙන්නේ?”වරෙක එක්තරා පුද්ගලයෙක් මේ පිළිබඳ ව අසා සිටි බැවින් ද කෙසේ හෝ ඔහුගේ මේ ප්‍රකාශය මගේ සිත තුළ ද කිසියම් කුතුහලයක් දැන වූ බැවින් මම බන්ධනාගාර රැඳවියන්ට ආහාර වශයෙන් වලදී වැඩිපුර අලුකෙසෙල් ව්‍යංජනය දෙන පුවත සත්‍යයක් දැයි මගේ මිතුරු බන්ධනාගාර අධිකාරීවරයෙකු ගෙන් අසා සිටියෙමි.
“අපේ නුවර පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරේ බොහොම සාර්ථක එළවලු වගාවක් කෙරෙනවා. ඒක මහවැලි නිම්නය ආශ්‍රිතව තියෙන නිසා අලුකෙසෙල් වගේ දේවල් වලින් සරු පළදාවක් ලැබෙනවා. ඒ කාරණය හැරුණු කොට බන්ධනාගාර රැඳවියන්ට දෙන ආහාර වේල සම්මත ප්‍රමිතියකට අනුව ලබා දෙනවා මිසක් ඔය වගේ වෙනත් අරමුණු ඉලක්ක කරගෙන දෙන්නේ නැහැ.” මේ මා වෙත ඔහු දුන්න පිළිතුරයි.
අලුකෙසෙල් ආහාරයට ගැනීමෙන් පුරුෂ ශක්තිය හීන වන බවට අපගේ ජන සමාජය තුළ පවතින මෙම විශ්වාසය කොතරම් ප්‍රබලද යත් අපගේ ඇතැම් ප්‍රදේශවල භික්ෂූන් වහන්සේ සඳහා පිරිනමන දාන මාන වලදී විශේෂ අලුකෙසෙල් ව්‍යංජනයක් සකස් කරන බවට තොරතුරු තිබෙනවා.
එමගින් අපගේ පැරණි බෞද්ධ සමාජය භික්ෂූන් වහන්සේලා තුළ ඇති ‘කෙලෙස් ප්‍රහීන කරවීම’ පිණිස පවා මෙම අලුකෙසෙල් ව්‍යංජනය යොදා ගැනීමට දැරූ උත්සාහය සිතා ගත හැකියි.
අලු කෙසෙල් ලංකාවෙ වගේම ඉන්දියාවේ,නේපාලයේ,මලයාසියාවේ,දකුණු අප්‍රිකාවේ,දකුණු අමෙරිකාව වගේ රටවල බොහොම සරුවට වැඩෙන ශාකයකි.
Smusa sapienpum යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන අලු කෙසෙල් රසවත් ව්‍යංජනයක් ලෙස හදාගන්නට පුලුවන්.
ඒ වගේම අලුකෙසෙල් සිහින් ව පෙති කපා තෙලෙහි බැද සලාදයක් ලෙසත් පිළියෙල කරගන්නට හැකියාව තිබෙනවා.
අවුරුදු කාලයට හදන හත් මාළුව සඳහාත් අලු කෙසෙල් යොදා ගන්නවා.මේ කුමන අාකාරයට සකසා ගත්තත් අලු කෙසෙල් කියන්නෙ මනා පෝෂණ ගුණයෙන් යුක්ත එළවලුවක්.
අලුකෙසෙල්වල අඩංගු තන්තුමය කොටස් නිසා එය මළබද්ධයට කදිම ඔෟෂධයක්.ඒ නිසා මළබද්ධයෙන් පෙළෙන අයට අලු කෙසෙල් අාහාරයට එකතු කර ගැනීමෙන් එම රෝගයෙන් වැළකීමේ හැකියාව ලැබෙනවා.
අර්ශස් රෝගය සෑදී තිබෙන සහ අර්ශස් රෝගයෙන් පීඩා විඳින අයට වගේම එම රෝගයෙන්න වැළකී සිටීමට නම් අලුකෙසෙල් අාහාරයට එකතු කරගන්න.
බඩ දැවිල්ල අැති වෙන අවස්ථාවලදී ඊට කදිම පිළිතුරක් ලෙස අලු කෙසෙල් එළවලුව හැඳින්විය හැකියි.
බඩ පුරවා දැමූ අවස්ථාවල කෑමට ගුණදායක අාහාරයකි.
මූත්‍රා ගල්වලට වඩාත් සුදුසුයි.පිත්තාශයේ ගල් අැති වීමද වළක්වයි.
ඔබත් බඩගිනි නොවන රෝගයෙන් පෙළෙන්නේද?එසේ නම් ඔබත් අලුකෙසෙල් අාහාරයට ගැනීමෙන් බඩගින්න අැතිවෙයි.
ශරීරයේ අැති අනවශ්‍ය මේද කොටස් ඉවත් කරයි.මේ නිසා කොලෙස්ටෙරෝල්වලටද ගුණදායකයි.එම රෝගයෙන් පෙළෙන රෝගීන්ට අලුකෙසෙල් කෑමට බිය විය යුතු නෑ.
දියවැඩියාවටත් බෙහෙවින් ගුණදායකයි.
පිළිකා නාශන ගුණයකුත් අලු කෙසෙල්වලට තිබෙනවා.
සමේ රෝගවලට කදිම විසඳුමක් ලෙසත් අලුකෙසෙල් හැඳින්විය හැකියි.
අසාත්මිකතා නැති කර දමයි.
පණු රෝගවලට ද ඉතා යෝග්‍යයි.
ලේ හිඟකමෙන්(නීරක්තියෙන්)පෙළෙන අයටත් අලුකෙසෙල් ඉතා ගුණදායකයි.
ස්නායු පද්ධතිය හොඳින් ක්‍රියා කරවීමටත් අලු කෙසෙල්වලට අැත්තේ අපූරු හැකියාවක්.
හෘදය ක්‍රියාකාරිත්වයටත් ගුණදායකයි.
ශරීරයේ ප්‍රතිශක්තිය වඩවයි.
සිරුරේ ජල සමතුලිතතාවයද අාරක්ෂා කරයි.
පුංචි ළමයින්ගේ මතක ශක්තිය වැඩි කරන නිසාත් පුංචි ළමයින්ටත් වඩාත් සුදුසු එළවලුවක්.
අාහාර මාර්ග පද්ධතියේ අැති විෂ කොටස් ඉවත් කිරීමේ හැකියාවකුත් අලු කෙසෙල්වලට තිබෙනවා.
කණෙහි අැති විය හැකි වේදනාවලටත් ගුණදායකයි.
රෝගයක් සෑදීමෙන් පසුව ශරීරය දුර්වල වූ අවස්ථාවලදී බත් සමඟ අලු කෙසෙල් දීමෙන් ශරීරය ශක්තිමත් වෙයි.
සැ.යු.අලු කෙසෙල් දිනපතා අාහාරයට ගැනීමෙන් වළකින්න. වකුගඩු රෝගයෙන් පෙළෙන අය අලු කෙසෙල් අාහාරයට ගැනීමෙන් වළකින්න.
තවද අලුකෙසෙල් කොපමණ ප්‍රමාණයක් ආහාර ගත්තද එය පුරුෂ ශක්තිය හීන කිරීමට අංශු මාත්රිකව හෝ බල නොපාන බව ඒකාන්ත වශයෙන්ම කිවයුතුය.
උපුටා ගැනීම – අන්තර්ජාලයෙන්