එළැඹෙන එංගලන්තය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (7) ප්‍රකාශයට පත් කළා.
කණ්ඩායමේ නායකයා ලෙස ධනංජය ද සිල්වා කටයුතු කරන අතර උප නායකයා ලෙස කටයුතු කරන්නේ කුසල් මෙන්ඩිස් .
දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ ද සංචිතයට ඇතුළත්.
කලකට පසු පැතුම් නිස්සංකද ටෙස්ට් සංචිතයට කැදවා තිබීම විශේෂත්වයක්.
මේ සංචිතයට මේ දක්වා ජාත්‍යන්තර තරග සඳහා ක්‍රීඩාකර නොමැති ක්‍රීඩකයින් දෙදෙනෙක් නම්කර තිබේ.
ඒ නිසල තාරක හා මිලාන් රත්නායක යි.
එම සංචිත පහතින්.
1) ධනංජය ද සිල්වා – නායක
2) දිමුත් කරුණාරත්න
3) නිශාන් මධුෂ්ක
4) පැතුම් නිස්සංක
5) කුසල් මෙන්ඩිස් – උප නායක
6) ඇන්ජලෝ මැතිව්ස්
7) දිනේෂ් චන්දිමාල්
8) කමිඳු මෙන්ඩිස්
9) සදීර සමරවික්‍රම
10) අසිත ප්‍රනාන්දු
11) විශ්ව ප්‍රනාන්දු
12) කසුන් රාජිත
13) ලහිරු කුමාර
14) නිසල තාරක
15) ප්‍රභාත් ජයසූරිය
16) රමේෂ් මෙන්ඩිස්
17) ජෙෆ්රි වැන්ඩර්සේ
18) මිලාන් රත්නායක