කියන්න යන්නේ තවත් කණගාටුදායක පුවතක් ගැන කතාවක්..
මේ අනතුර නිසා අද වෙනකොට ඔවුන්ගේ මුළු පවුලටම අඳුරු කාලයක් උදා වෙලා..
තම බිරිඳ වගේම මෙලොව එළිය දකින්න පෙරුම්පුරා බලා සිටි නූපන් මලකගේ ජීවිතයත් මේ අනතුරෙන් මිලින වෙලා.. කොළඹ ගාල්ල මාර්ගයේ ඕ.එල්.වී. විදුහල් හන්දිය අසලදී සිදුවූ මාරක අනතුරක් ගැනයි මේ කියන්න යන්නේ…
පානදුර සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක් යතුරුපැදියක ගැටී තිබෙනවා…
එම අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් කාන්තාවක් සහ කුඩා දැරියක් බරපතල තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එම කාන්තාව මිය ගොස් ඇති බව පොලිසිය පවසන්නේ..
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 32ක් වූ කාන්තාවක්..
ඇය හොරෙයිතුඩුව, කෙසෙල්වත්ත ප්රදේශයේ පදිංචි ගැබිනි මවක් බවයි වාර්තා වෙන්නේ..
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මොරටුව පොලිසිය මේ සිද්ධිය සමබන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා..