ගායන ලෝකය තුළ අපි අහන්න ආස කරන ගීත රැසක් අපට දායාද කරපු ආදරණීය කලාකරුවෙක් තමයි මධුමාධව අරවින්ද කියන්නේ.
ලඹ සවන් රන් පටින් කියන්ද් හරිම අපූරු ගීතය අහන හැම වතාවකදීම අපිට මතක් වෙන්නේ මේ මානව හිතවාදී ගායකයා.
ඔහු තුළ හිටයේ ගායකයෙක් පමණක්ම නෙවෙයි පහුගිය කාල සීමාව පුරාවටම මධුමාධව දේශපාලන භූමිකාව තුළ කැපී පෙනෙන චරිතයක් විදිහට කටයුතු කළා.
නමුත් දේශපාලනය කරන එක ඔහුට ගැලපෙන්නෙ නැහැ කියලා ගොඩක් ප්‍රේක්ෂකයන් මධුමාධවට චෝදනා එල්ල කළා.
දේශපාලනයට සමු දීපු ඔහු පසුගිය කාලය පුරාවටම තෙවැනි වරට විවාහ වෙච්ච ආදරණීය බිරිඳ සමඟ එකතු වෙලා විවිධාකාරයේ පින් අතේ වැඩ කරන්නත් පටන් ගත්තා.
කොහොම හරි ඒ දේවල් ඒ විදිහට සිද්ද වෙද්දි තමන් ජීවිතය කරන කියන බොහෝ දේවල් පිළිබඳව ඔහු මුහුණු පොත හරහා විවිධ කාව්‍ය සංකල්පනා ලියන්නත් අමතක කරන්නේ නැහැ.
ඉතින් අද උදේ මෙන්න මේ වගේ පෝස්ට් එකක් මධූ එයාගේ මුහුණුපොතට එක්කරලා.. ඇත්තටම ඇගේ බිරිඳ මධූට වඩා හොඳ කවි කාරියක්ද?
මෙන්න බලන්නකෝ ඒ ගැන මදුමාධව කියලා තියන කතාව…
උඩ පල ගත්තත් වට්ටක්කා
බිම පල ගත්තත් වට්ටක්කා
මන් උදේ නැගිටල අහිංසකයෙක් වගේ ඇහුවා..
මේ සීනි බනිස් ගෙන්..
මේ ෆොටෝ එකට ගැලපෙන අකුරු ටික
අදික නින්දට පෙරේත මැය..
ඔය උඩ මම ලියපු පේලි දෙක කියලා..
කන පැලෙන්න නිදා ගත්තා ඇනිත් පැත්ත හැරිලා….
මම මේ ටික ලියල හැරිල බැලුව දාන්න කලින්..
ඇත්ත තමයි….
උඩ පල ගත්තත් වට්ටක්කා
බිම පල ගත්තත් වට්ටක්කා
මදු මාදව වට්ටක්කාවින්ද