මෙවර පැරිස් ඔලිම්පික් උළෙල ගොඩක් විශේෂයි..
වාර්තා පිට වාර්තා තබන ක්රීඩකයින් අතරේ වාර්තා අලුත් කරන ක්රීඩක ක්රීඩිකාවන්ගෙනුත් මෙවර ඔලිම්පික් උළෙල හැඩ වෙලා..
මේ කියන්න යන්නේ අන්න ඒ වගේ කතාවක්.. වසර 10කට පස්සේ මේ අලුත් වුණ වාර්තාව නිසා ඔවුන් ඉන්නේ පුදුම සතුටකින් කිව්වොත් හරි..
මෙවර පැරිස් ඔලිම්පික් ක්රීඩා උළෙලේ මීටර් 4×100 පිරිමි මිශ්ර ආර සහය පිහිනුම් තරගයේ අවසන් අදියර පසුගිය ඉරිදා පැවැත්වුණා..
එහිදී අවසන් තරගය ජය ගනිමින් පැරිස් ඔලිම්පික් ක්රීඩා උළෙලේ දෙවැනි පිහිනුම් රන් පදක්කම දිනා ගැනීමට චීනය සමත් වීම විශේෂයක්..
Xu Jiayu” Qin Haiyang” Sun Jiajun සහ Pan Zhanle යන පිහිනුම් ක්රීඩකයන් මිනිත්තු තුනයි තත්පර 27.46 කින් තරගය අවසන් කළ අතර, රිදී පදක්කම දිනා ගත් ඇමෙරිකා කණ්ඩායටම වඩා තත්පර භාගයකින් ඔවුන් තරගය අවසන් කර තිබුණා..
ඒ ජයග්රහණයත් සමඟ 1984 වසරේ ලොස් ඇන්ජලීස් ක්රීඩා උළෙලේ සිට රන් පදක්කම් 10 ක් හිමි කර ගනිමින් අමෙරිකාව තැබූ අඛණ්ඩ තරග වාර්තාව බිඳ දැමීමට චීනය සමත්වීම විශේෂත්වයක්.. එසේම එම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි කර ගත්තේ ප්රංශයයි..