අභියෝගය භාර ගන්න ඇත්තේ දහසක් බාධා අභියෝග මැද වීම විශේෂත්වයක්..
ඒත් ඇය ඇයට පුළුවන් දුර ඇවිත්..
මෙවර ඔලිම්පික් උළෙලට සහභාගී වුණ ඊජිප්තු ක්රීඩිකාවක් ගැනයි මේ කතාව.. නාඩා හෆීස්.. මේ කතා බහට ලක් වුණ ක්රීඩිකාවයි.. ඔලිම්පික් ක්රීඩා උළෙලේ අද පැවති කාන්තා ෆෙන්සිං ඉසව්වෙන් තරග සදහා ඇය සහභාගි වුණේ සිය තුන්වැනි වතාවටයි..
එහෙත් ඇය අවසන් 16 දෙනාගේ වටයේදී පරාජයට පත්වුණා… පසුව එහිදී අනාවරණය වී ඇත්තේ, නාඩා හෆීස් සත් මසක දරු ගැබක් සහිතව මෙවර ඔලිම්පික් උලෙළේදී තරග වැදුණු බවයි…
කොහොම වුණත් මේ දිරිය කාන්තාව ගැන අද පුවත් මැවෙන්නේ සාර්ථක ලෙස ඇය මේ තරගයට එක්වුණ නිසාත්, එහිදී ඇයට හැකි උපරිමය ඇය විසින් ඉටුකළ නිසාත් කියලා කියන්න පුළුවන්…