කියන්න යන්නේ නිදහසේ ඉන්න කැමති ඔයා යන්නම ඕන තැනක් ගැන කතාවක්.. ගොඩක් දෙනෙක් ලස්සන මුහුදු තීරයක කාලය ගත කරන්න බැමති ඇති..
මුහුදෙන් වට වුණු අපේ රටේ මේ සුන්දරත්වය වෙනස් වෙනස් විදිහට විඳින්න ඕනෑතරම් ස්ථාන තියනවා.. ඒ අතරින් දකුණු පලාතේ තියන තවත් ඒ වගේ සුන්දර තැනක් ගැන කතාවක් තමයි මේ කියන්න යන්නේ..
ගාල්ල නගරයේ සිට 10 Km පමණ දුරින් පිහිටා ඇති මෙම තල්පේ වෙරළ තීරය , දකුණු වෙරළ තීරයේ ඇති සුන්දරම වෙරළ තීරයන්ගෙන් එකක්.. මෑත කාලයේ දේශිය සංචාරකයන්ගේ වැඩි ආකර්ශනයක් දිනා ගැනීමට මෙම වෙරළ තීරය සමත් වූ අතර මෙහි ඇති කැපී පෙනෙන සුවිශේෂිත්වය එයට හේතු වන්නට ඇති..
මෙහි ඇති සුවිශේෂිත්වය වන්නේ ස්වාභාවිකව නිර්මාණය වූ ගල් තටාක කිහිපයක් පිහිටා තිබීමයි.. මීට වසර 50කට පමණ පෙර මෙම ගල් තටාක කොරල්පරවලින් කපා පොල් කොහු වෙන් කිරීම සඳහා පොල් ලෙලි පොඟවා ගැනීමට භාවිතා කළ බව ගැමියන් පවසනවා..
කෙසේ වෙතත්, දකුණු වෙරළබඩ තීරයේ පිහිටා ඇති මෙම තල්පේ වෙරළ, සාපේක්ෂව පිරිසිදු හා සන්සුන් වෙරළක් ලෙස ප්රසිද්ධයි.. ඔබත් මේ සුන්දර ස්ථානයට යන්න කැමතියි ද..? එහෙනම්, කොළඹ නගරයේ සිට පැමිණෙන ඔබට දුම්රියෙන් පැමිනෙන්නේ නම් තල්පෙ දුම්රිය ස්ථානයෙන් බැස 500m පමණ දුරක් මාතර දෙසට පයින් ගමන් කල විට මෙම වෙරළ තීරය වෙත ලගා විය හැකියි..
එසේ නොමැති නම් අධිවේගී බස් රථයකින් ගාල්ල නගරයට පැමිණ මාතර දෙසට ගමන් කරන විට ඔබටත් මේ සුන්දර තල්පෙ වෙරළ තීරය අසලින් බැස වෙරළ තීරයට පහසුවෙන් ළඟා විය හැකියි..