විමල් සිල් ගන්න අවසර ඉල්ලයි


2017-01-12 07.57 AM

දුරුතු පොහොය වෙනුවෙන් අද (12) සිල් සමාදන් වීම සඳහා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ බන්ධනාගාරයෙන් අවසර ඉල්ලා තිබෙනවා.

සෑම පොහෝ දිනකම බන්ධනාගාරයේ ආගමික වැඩසටහන් සංවිධාන කරන්නේ එහි සුබසාධක සංගමය විසින්.

ඒ අනුව දුරුතු පොහොය වෙනුවෙන් අද සිල් සමාදන් වීමට කැමැත්තෙන් සිටින රැඳවූවන් පිළිබඳ ඔවුන් ලේඛනයක් සකසා තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ ඇතුළු මැගසින් බන්ධනාගාරයේ රැඳවූවන් 85 දෙනෙකු එම ලේඛනයේ නම සඳහන් කර ඇති බවයි බන්ධනාගාර ආරංචි කියා සිටියේ.

අදාළ ආගමික වතාවත් බන්ධනාගාරය තුළම පිහිටි විහාරස්ථානයේදී සිදුකෙරෙනු ඇති.

විමල් වීරවංශ රඳවා ඇත්තේ මැගසින් බන්ධනාගාරයේ ඊ වාට්ටුවේයි.

  ඔබේ අදහස්

Perumal -සිල් ගැනීම වැනි පින්කම් වලින් කර්ම ගෙවන්න පුලුවන් බව ඔහු දන්නවා ඇති. ඇට සිල්ද ගන්නෙ?

 

  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න

 

 

නම
  *

 

විද්‍යුත් තැපැල් ලිපිනය
*

 

ඔබේ ප්‍රතිචාර

                                     


:: 2014 by www.eethalayanews.com