කොළඹ නයිට්‌ ක්‌ලබ් කලතන අලුත්ම ෆීල් පෙති සමග - මාලිගාවත්ත ජුම්මා පල්ලිය අසල ඉක්‌තාර්ය මාට්ටු


2017 01 02 07.36 AM

පසුගිය දිනක කොළඹ ප්‍රදේශයේ එක්‌තරා ස්‌ථානයක සාදයක්‌ පැවැත්විණි. එම සාදයට ජාති, ආගම් භේදයකින් තොරව බොහෝ පිරිසක්‌ සහභාගි වී සිටියහ. මධුවිතින් සප්පායම් වූ සමහරු සිංදු කියමින් විනෝද වූහ. තවත් සමහරු එම සිංදුවල තාලවලට අනුව නර්තනයේ නිරත වූහ. මෙම සාදයට තවත් සුවිශේෂී පුද්ගලයෙක්‌ සහභාගි වී සිටියේය. ඔහු නමින් ධනංජය වන අතර සුරාබදු නිලධාරියකු වශයෙන් රැකියාව කළේය.

ෆීල් බොහෝ දෙනකු මත්පැන් පානය කරමින් විනෝද වෙද්දී ධනංජය එම සියලු දෙනා වෙත උකුසු ඇස්‌ යොමාගෙන සිටියේ රාජකාරියේ යෙදී සිටින නිලධාරියකු මෙන්ය. සාදය අවසන් වීමට තවත් පැය ගණනක්‌ ඉතිරි වී තිබුණි. ඒ වන විටත් බොහෝ දෙනකු සිටියේ සිහියත් අසිහියත් අතර දෙලොවක අතරමං වෙමින්ය.

තරුණයෝ කිහිප දෙනෙක්‌ එක්‌වරම සාදය පැවැත්වූ ස්‌ථානයෙන් එළියට පැමිණියහ. සාදය දෙස උකුසු ඇස්‌ යොමා සිටි ධනංජය එක්‌වරම එය දුටුවේය. එම තරුණයන් කතාබස්‌ කරන විලාසය හැසිරෙන ආකාරය ගැන මුලසිටම ඔහුට සැකයක්‌ ඇතිවී තිබුණි. එමනිසා ධනංජය කාටවත් නොදැනෙන අයුරින් ඔවුන්ගේ පිටුපසින් ගියේය.

එම තරුණයන් පිරිස අතරින් එක්‌ අයකු දුරකථන ඇමතුමක්‌ ලබා ගත්තේය. ඔහු කිසියම් දෙයක්‌ ගෙන්වන්නට එම ඇමතුම ලබාදුන් බව ධනංජයට අවබෝධ විය. ඒ අතර එම තරුණයෝ දුම්පානය කරමින් සිටියෝය. ධනංජයද ඒ අසල ගැවසෙමින් සිටියේ ගෙන්වන දේ බලා ගැනීම සඳහා ය.

විනාඩි කිහිපයක්‌ ගතවුණි. කොහේදෝ සිට පැමිණි තරුණයකු ඉතාම කුඩා පාර්සලයක්‌ එම තරුණයන් අත තබා මුදල් රැගෙන ගියේය. අනිවාර්යෙන්ම එම කුඩා පාර්සලය තුළ ඇත්තේ මොනවා හෝ මත්ද්‍රව්‍ය ජාතියක්‌ බව ධනංජයට ඉවෙන් මෙන් දැනුණි. එක්‌වරම කළ යුත්තේ කුමක්‌ දැයි කියා ඔහුට අවබෝධ නොවුණි. එහෙත් දැන් මා සිටින්නේ රාජකාරියෙන් බැහැරව නිසා වෙන දේ බලාගෙන සිටීම නුවණට හුරු බව ඔහුට අවබෝධ විය.

ඉතා කුඩා පාර්සලය විවෘත කළ එම තරුණයෝ බෙහෙත් පෙති මෙන් පෙති වර්ගයක්‌ එළියට ගත්හ. පසුව එයින් එක එක එතැන සිටි අය අතර බෙදාගෙන මුව තුළට දමා ගත්තේය. එම සියල්ල දෙස ඇස්‌ පිය නොහෙළා ධනංජය බලා සිටියේය. එම තරුණයන් මුව තුළට දමා ගත්තේ ෆීල් නමැති මත්ද්‍රව්‍ය පෙති බව ඔහුට අවබෝධ විය. කෙසේ හෝ මොවුන් සමඟ මිත්‍ර වී මෙම ජාවාරම කොටුකර ගත යුතු යෑයි ඔහු තරයේ අධිෂ්ඨාන කර ගත්තේය.

ෆීල් නමැති මත්ද්‍රව්‍ය පෙති භාවිතා කළ තරුණයන් යළි සාදයට ආවේ සිහිය විකල්වූ මිනිසුන් මෙන්ය. ඔවුහු එක දිගටම නර්තනයේ නිරත වූහ. ඒ අතර සමහරු අමුතුම ආකාරයට දුම්වැටි පානය කළහ. ධනංජය ඔය අතරතුර එම තරුණයන් සමඟ ලොකු මිත්‍රකමක්‌ ඇති කරගත්තේය. ඒ මතු ප්‍රයෝජනය සඳහාය.

සාදය අවසන් වී සියලු දෙනා විසිර ගියෝය. පසුදිනම ධනංජය සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට එදින සාදයේ සිදුවූ සියල්ල පැවසුවේය. ඉන්පසු ඔහු ක්‍රියා කළේ එම නිලධාරීන්ගේ උපදෙස්‌වලට අනුවය.

පළමුව ඔහුට කළ යුතුව තිබුණේ එම තරුණයන් සමඟ ලොකු මිත්‍රත්වයක්‌ ගොඩනඟා ගැනීමයි. ඒ සඳහා ඔහු සති ගණන් වෙහෙසුණේය. අවස්‌ථා කිහිපයකදී ඔවුන් සමඟ මත්පැන් පානය කිරීමටද සිදුවිය. අවසානයේ එම තරුණයන්ගේ හොඳම මිතුරෙකු බවට පත්වීමට ධනංජයට හැකිවිය.

දෙවැනි අදියර වූයේ එම තරුණ්‍යන් මාර්ගයෙන් ෆීල් නමැති මත්ද්‍රව්‍ය පෙති ගෙන්වන කෙනා සමඟ මිත්‍රවීමටයි. ඒ සඳහාත් ඔහුට වැඩි දවසක්‌ ගතවූයේ නැත.

දිනක්‌ ධනංජය ෆීල් නමැති මත්ද්‍රව්‍ය පෙති විකුණන ෆයාස්‌ට පැවසුවේ සාදයක්‌ සඳහා එම පෙති හතළිහක්‌ පමණ අවශ්‍ය බවයි. ඔහු කිසි බියක්‌ සැකක්‌ නැතිව පැවසුවේ ඕන තරමක්‌ දෙන්නම් හැබැයි සල්ලි උවමනා බවයි. ඒ අනුව එක්‌ ෆීල් පෙත්තක මිල වූයේ රුපියල් තුන්දාහක්‌ බව ෆයාස්‌ ධනංජයට පැවසුවේය. ඔහු සල්ලි අවුලක්‌ නැහැ පෙති තමයි වුවමනා කියා පැවසුවේය. මෙම සියලු දේවල් සිදු වෙන්නේ සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ අනුදැනුම මතයි. ධනංජය රුපියල් එක්‌ලක්‌ෂ විසිදහසක මුදල්ද රැගෙන ෆයාස්‌ හමුවීමට මාලිගාවත්තට ගියේය. ෆයාස්‌ මාලිගාවත්ත ජුම්මා පල්ලිය අසල රැඳී සිටියේය. "මං සල්ලි සේරම ගෙනාවා. පෙති ටික තමයි ඕනේ" කියා පැවසුවේය.

"අයියා සත පහකට බය වෙන්න එපා. මට සල්ලි ටික දෙන්නකෝ... විනාඩි පහකින් මම බඩු ටික ගෙනත් දෙන්නම්. මොකද මේවා හොර රහසේ කරන්න ඕන වැඩනේ. හැම තැනම පොලිසියෙන් ඉන්නවා දැන්..." ෆයාස්‌ පැවසුවේය.

"ඔව්. ඔව්. ඒකනම් ඇත්ත..." යළි ධනංජය පැවසුවේය.

මාලිගාවත්ත ජුම්මා පල්ලිය අසල ධනංජයව රඳවා ෆයාස්‌ යන්න ගියේය. විනාඩි පහක්‌ ගත විය. ෆයාස්‌ වෙනුවට පැමිණියේ තවත් මුස්‌ලිම් තරුණයෙකි. ඔහු නමින් ඉක්‌තාර්ය. ඔහු අත තිබූ පාර්සලය ධනංජයට භාර දුන්නේය. ඒ සමඟම ක්‍රියාත්මක වූ ධනංජය ඔහුව අත්අඩංගුවට ගත්තේය. ඒ වන විටත් සුරාබදු නිලධාරීහු පිරිසක්‌ සිවිල් ඇඳුමෙන් සැරසී එම ස්‌ථානයේ රැඳී සිටියහ.

වැඩේ වැරැදුන බව ඉක්‌තාර්ට අවබෝධ විය. "අනේ සර්... මම මොකුත් දන්නෙ නැහැ. ෆයාස්‌ අයියා තමයි මේක ගෙනත් දෙන්න කීවේ. මම අහිංසකයෙක්‌. මාව අතාරින්න" ඔහු බොරු කිඹුල් කඳුළු හලමින් එසේ පැවසුවේය. එහෙත් සුරාබදු නිලධාරීන් එම චාටු වදන්වලට රැවටුණේ නැත. ඉක්‌තාර්ව අත්අඩංගුවට ගෙන ෆයාස්‌ සෙවීම සඳහා ජුම්මා පල්ලිය අසළ ඔහු පදිංචි නිවස වෙත ගියේය.

ඒ මොහොත වන විටත් ෆයාස්‌ට සියල්ල ආරංචි වී තිබුණි. එම නිසා වහාම ඔහු නිවසින් පැන සැඟවී තිබුණි. ෆයාස්‌ගේ නිවස සෝදිසි කළත්, වෙන කිසිම දෙයක්‌ සුරාබදු නිලධාරින්ට සොයා ගැනීමට නොහැකි විය.

මෙම ෆීල් නමැති මත්ද්‍රව්‍ය පෙති මෙරටට ගෙන්වනුයේ ෆයිසර් නමැති මුස්‌ලිම් ජාතිකයෙකි. මෙරටට ෆීල් නමැති පෙති ගෙන්වන අංක එකේ ජාවාරම්කාරයා වන්නේ ඔහුයි. අවුරුදු කිහිපයක සිට මොහු මෙම මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම සිදු කරගෙන යයි. දැන ගන්නට ලැබෙන ආරංචි මාර්ගවලට අනුව සමහර පොලිස්‌ නිලධාරීන්ගේ සහායද මොහුට නොඅඩුව ලැබෙයි.

ෆයාස්‌ මෙම පෙති ගෙන්වන්නේ ඩුබායි රටින්ය. සමහර අවස්‌ථාවල ඔහු පවා එහි ගොස්‌ මෙම පෙති රැගෙන එයි. ඩුබායි රටේ මෙම එක්‌ පෙත්තක මිල ශ්‍රී ලංකා මුදලින් රුපියල් හයසියයක්‌ පමණ වේ. එම ගණනට ගෙන්වන ෆීල් පෙත්ත මෙරට රුපියල් තුන්දහසේ සිට පන්දහස දක්‌වා මුදලකට අලෙවි කරයි.

ෆයිසර්ගේ ප්‍රධාන ගෝලයා වන්නේ ෆයාස්‌ය. ඔහු තවත් ගෝල බාලයන් යොදවා මෙම ෆීල් පෙත්ත කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල අලෙවි කරයි. මෙරට පවත්වන වෙරළ සාද සඳහා ප්‍රධාන වශයෙන් මෙම පෙති සපයන්නේ ෆයිසර්ලාය. මීට අමතරව කොළඹ ප්‍රදේශයේ පිහිටි බොහෝ රාත්‍රී සමාජ ශාලාවලටද මෙම පෙති අලෙවි කරන්නේ මොවුන්ය. කොටින්ම කියතතොත් මෙරට අංක එකේ ෆීල් පෙති අලෙවි කරන්නා වන්නේ ෆයිසර්ය. එහෙත් මෙරට නීතිය ක්‍රියාත්මක කරවන සමහර නිලධාරීන්ගේ දුර්වලතාවයක්‌ නිසාදෝ කොහේද ෆයිසර් වැනි මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ තවමත් ජයටම මෙවැනි නීති විරෝධී දේවල් සිදු කරගෙන යති.

මාළිගාවත්ත ප්‍රදේශයේ දී එලෙස උපක්‍රමශීලීව ෆීල් පෙති තොගය වැටලීම සඳහා ප්‍රධාන සුරාබදු පරීක්‍ෂක ටී. එන්. හේමන්ත, පරීක්‍ෂකවරු වන අලුත්ගේ, වීරමන්, සුරාබදු නියාමකවරු වන ධනංජය, පියන්ත, සිරිතුංග, උපාලි, සමරනායක, ධම්මික , රියෑදුරු සේනක සහ ප්‍රභාත් යන නිලධාරීහු සහභාගි වූහ.


  ඔබේ අදහස්

Rathnayaka -feel pethi walin mokada wenne? puluwannam visthara sahithawa pahadili karadenna.

Sdevamaran -678

 

  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න

 

 

නම
  *

 

විද්‍යුත් තැපැල් ලිපිනය
*

 

ඔබේ ප්‍රතිචාර

                                     


:: 2014 by www.eethalayanews.com