14 වියෑති දැරියට කෙළිය 22 දෙහැවිරිදි තරුණයා ඇතුලට


2017 01 05 07.23 AM

සියඹලාණ්‌ඩුව බිබිලයාය ප්‍රදේශයේ 14 හැවිරිදි පාසල් දැරියකට ලිංගික අතවරයක්‌ සිදුකළ බව කියන 22 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඉකුත් දෙසැම්බර් 22 වැනි දින මෙම දැරිය සියඹලාණ්‌ඩුව නගරයට පැමිණ ඇති අතර පසුව සැකකරුද එදිනම නගරයට පැමිණ දැරිය නගරය ආසන්නයේ වනගත ප්‍රදේශයකට රැගෙන ගොස්‌ මෙම අතවරය සිදුකර ඇත. ඊට දින කිහිපයකට පසු කිසියම් අයකු විසින් 119 දුරකථන අංකයට සිද්ධිය දැනුම් දී ඇති අතර පසුව සියඹලාණ්‌ඩුව පොලිසිය සහ මහකළුගොල්ල පොලිසිය ඒකාබද්ධව පරීක්‍ෂණ සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ දැරිය වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා රෝහල් ගත කර ඇත. සියඹලාණ්‌ඩුව පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක කපිල ධර්මප්‍රිය සේනාපති සිල්වා මහතා සහ මහකලුගොල්ල පොලිස්‌ ස්‌ථානාධිපති ජානක රත්නසිරි මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකෙරේ.

  ඔබේ අදහස්

 

  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න

 

 

නම
  *

 

විද්‍යුත් තැපැල් ලිපිනය
*

 

ඔබේ ප්‍රතිචාර

                                     


:: 2014 by www.eethalayanews.com