දකුණු ඉන්දියාවේ විකට රංගන ශිල්පියෙක් කපා කොටා ඝාතනය කරයි

2017 01 04 03.00 PM

දකුණු ඉන්දියාවේ සහය විකට රංගන ශිල්පියෙක් වන මෝගන්රාජ් නාදුනන පිරිසක් විසින් ඝාතනය කර තිබෙනවා.

ඔහු වඩාත් ජනප්‍රිය වී ඇත්තේ සුපිරි  විකට රංගන ශිල්පී වඩිවේලු සමඟ රඟපෑම සිදු කිරීම හේතුවෙන්.

මොහු ඉන්දියාවේ තමිල්නාඩු හි නෙල්ලෙයි ප්‍රදෙශයෙදීයි තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇත්තේ.

රූගතකිරීමකින් අනතුරුව ආහාරගෙන නිවස බලා යමින් සිටියදී පැමිණි නාදුනන පිරිසක් විසින් විසින් ඔහු ඝාතනය කර ඇති බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර මෝගන්රාජ් නම්වූ මෙම රංගන ශිල්පියාගේ සොහොයුරාද මීට පෙර මේ අයුරින්ම කපාකොටා ඝාතනය කර ඇති බවටයි වාර්තා වන්නේ.

නෙල්ලෙයි පොලිසිය විසින් අදාළ ඝාතනය සම්බන්ධයෙන් විශේෂ පරීෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඔහු සුපිරි විකට රංගන ශිල්පී වඩිවේලු සමඟ රඟපෑමෙන් එක්වූ චිත්‍රපටයක දර්ශන පහතින්.

  ඔබේ අදහස්

 

  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න

 

 

නම
  *

 

විද්‍යුත් තැපැල් ලිපිනය
*

 

ඔබේ ප්‍රතිචාර

                                     


:: 2014 by www.eethalayanews.com