ලිංගික කටයුතු වලට ලමයින් යොදාගැනීම ඉකුත් වසරේ ඉහල ගිය හැටි


2017 01 04 07.37 AM

ඉකුත් වසරේදී සිදුවූ ළමා අපයෝජන ඉහළ ගොස් ඇති බව ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය පවසනවා.

එහි සභාපති ආචාර්ය නටාෂා බාලේන්ද්‍ර මෙම අදහස් පළ කළේ අදට යෙදෙන ළමා හිංසනයට එරෙහි ජාතික දිනය පිළිබද නෙත් නිවුස් වෙත අදහස් පළ කරමින්.

ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය පැය 24ම අවධියෙන් සිටින බවත් පැමිණිලි ඇතොත් 1929 යන ක්ෂණික ඇමතුම් අංකයෙන් දැනුම් දීමට පුළුවන් බවද ඇය පැවසුවා.

ළමුන් සියලු අපයෝජනයන්ගෙන් ආරක්‍ෂා කර ගනිමින් ඔවුන්ට වඩාත් සුරක්‍ෂිත හෙට දවසක් උරුම කරදීමට සියලු දෙනා එක්විය යුතුයි යන්න මෙවර එහි තේමාවයි.

2014 වසරේ ළමා හිංසනයට අදාළ පැමිණිලි දසදහස් තුන්සිය පහලොවක් (10315) වාර්තා වී තිබුණා. 2015 වසරේ වාර්තා වී ඇති පැමිණිලි සංඛ්‍යාව දස දහස් හත්සිය තිස් දෙකක් (10731).

වැඩි වශයෙන් ලැබී ඇත්තේ ළමා හිංසනයට අදාළ පැමිණිලියි. එම සංඛ්‍යාව දෙදහස් තුන්සිය දාහතක්. දරුවන්ට අනිවාර්ය අධ්‍යාපනය ලබානොදීමට එරෙහි පැමිණිලි එක්දහස් හාරසිය හැට තුනක් ලැබී තිබෙනවා. ළමයින් දූෂණයට ලක් කිරීමේ සිද්ධීන් 433 ක් වාර්තා වී ඇති බවයි ජාතික ළමා අරක්‍ෂක අධිකාරිය කියාසිටියේ.

ළමයින්ට එරෙහි වැඩිම සිද්ධින් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. මීට අමතරව ගාල්ල සහ කුරුණෑගල යන දිස්ති‍්‍රක්කවලින්ද වැඩි පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වන බවයි එම අධිකාරිය වැඩිදුරටත් පැවසුවේ.

  ඔබේ අදහස්

 

  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න

 

 

නම
  *

 

විද්‍යුත් තැපැල් ලිපිනය
*

 

ඔබේ ප්‍රතිචාර

                                     


:: 2014 by www.eethalayanews.com