master
New Page 1

ෆාරා නැව විකුණා ගත් මුදල් වලින් කෝටි 3 කට කෙළලා


2017-01-15 08.15 AM -  814 යි

උතුර මුදා ගැනීමේ මෙහෙයුමේ දී වෙල්ලමුල්ලිවයික්‌කාල් මුහුදු තීරයේදී යුද හමුදාව සොයා ගත් ෆරා නෞකාව යකඩවලට විකිණීමේදී රජයට රුපියල් තුන්කෝටි තිස්‌තුන් ලක්‍ෂයක පාඩුවක්‌ සිදු වී ඇතැයි අනාවරණය වී ඇත.

නැවේ යකඩ සඳහා රුපියල් අටකෝටි තුන්ලක්‍ෂයක්‌ ගෙවීමට කොන්ත්‍රාත්කරු එකඟ වී තිබූ නමුත් ගෙවා ඇත්තේ රුපියල් හාරකෝටි හැත්තෑලක්‍ෂයක්‌ පමණක්‌ යෑයි හෙළි වී තිබේ. ඒකාබද්ධ අරමුදලට බැර කළ යුතු එම මුදල ද යුද හමුදාවේ සුබ සාධක ඒකකය මගින් පාලනය වන වෙනත් අරමුදල් දෙකකට බැර කර තිබී ඇත.

වරකට යකඩ ටොන් විස්‌සක්‌ ඉවත් කර ගැනීමට එකඟතාවක්‌ තිබී ඇති නමුත් කොන්දේසියක්‌ ලෙස එය ගිවිසුමකට ඇතුළත් නොකර ගැණුම්කරු වරකට ටොන් තිහ බැගින් ඉවත් කරගෙන ඇතැයි ද පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

කොන්ත්‍රාත්කරු සමඟ ඇති කර ගෙන තිබූ ගිවිසුමේ වටිනාකම මත රුපියල් හතළිස්‌ ලක්‍ෂ පහළොස්‌දහසක ඇපයක්‌ ලබාගත යුතු වුවද, එසේ නොකිරීම නිසා ගිවිසුමේ කොන්දේසි කඩකිරීමේදී එම ඇප මුදල රාජසන්තක කිරීමට තිබූ අවස්‌ථාව අහිමි වී ඇතැයි රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යවා ඇති ලිපියක සඳහන් වෙයි.

මෙම නැව යකඩවලට විකිණීමට අදාළ තාක්‍ෂණික ඇගයීම් කමිටුවක්‌ පත් කර නොතිබීම මෙන්ම ගිවිසුම කඩ කිරීම සම්බන්ධයෙන් කොන්ත්‍රාත්කරුගෙන් කිසිදු මුදලක්‌ අය නොකිරීම පිළිබඳව ද රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුව ආරක්‍ෂක ලේකම්වරයාගෙන් ප්‍රශ්න කර තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com