master
New Page 1

ඉන්ෆ්ලුවෙන්සා හැදුණු 6 දෙනෙක්‌ මහනුවර රෝහලේ


2017-01-13 07.55 AM -  661 යි

ගර්භණී කාන්තාවකට සහ තවත් වකුගඩු රෝගීන් පස්‌ දෙනකුට ඉන්ෆ්ලුවෙන්සා එච්වන්. එන්වන්. වෛරසය ශරීරගතව ඇති බවට තහවුරු වී ඇතැයි මහනුවර මහ රෝහලේ අධ්‍යක්‌ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.

රෝහල් පරිශ්‍රයේ ඇති වෙනත් වාට්‌ටුවල සිටින රෝගීන් සම්බන්ධයෙන් ද වඩාත් සැලකිලිමත් වන ලෙස ද රත්නායක මහතා රෝහල් බලධාරීන් දැනුවත් කර ඇත. රෝග ලක්‌ෂණයක්‌ හෝ පහළ වී ඇති බවට තොරතුරක්‌ ලද හෝ එම සියලුම රෝගීන් රුධිර පරීක්‌ෂාවට යොමු කරන ලෙස ද එම රෝගීන් වෙන්කොට ප්‍රතිකාර කිරීම සඳහා වාට්‌ටු අංක 69 ගැහැනු සහ අංක 69 පිරිමි වශයෙන් වාට්‌ටු දෙකක්‌ පවත්වාගෙන යන ලෙස ද රෝහල් බලධාරීන්ට උපදෙස්‌ දී ඇති බව රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ඉනෆ්ලුවෙන්සා වෛරස උණ රෝගී තත්ත්වය වසංගතයක්‌ ලෙස පැතිරී යැම වැළැක්‌වීම සඳහා බාහිර ප්‍රතිකාර අංශයේ ද වෙනම ඉන්ෆ්ලුවෙන්සා රෝග පරීක්‌ෂණ ඒකකයක්‌ ක්‍රියාත්මක වන බව ද වෛද්‍ය රත්නායක මහතා පැවසීය.

වකුගඩු බද්ධ කිරීමේ ඒකකයේ, රුධිර කාන්දුකරණ ඒකක දෙකෙන් එක්‌ එක්‌ ඒකකයකදී ඉන්ෆ්ලුවෙන්සා ඇති බවට සැක කරන රෝගීන්ගේ පමණක්‌ රුධිර කාන්දුකරණයට වෙන්කොට ඇති අතර මේ වන විට එම ඒකකයේ ඉන්ෆ්ලුවෙන්සා වැළඳුන එක්‌ රෝගියෙක්‌ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ද දැනගන්නට තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com