master
New Page 1

ඇඩ්මිෂන් වලින් බඩ පිරෙන්න ජරාව කෑ විදුහල්පතිනිය වස් දොස් යන්න කියා පාසැලේ තොවිලයක් නටයි


2017-01-13 07.09 AM -  912 යි

ලෝකයේ අනෙකුත් රටවල පාසැල් අවිද්‍යාවෙන් විද්‍යාවට ගමන් කරද්දී කොළඹ ප්‍රධානතම බාලිකා විදුහලක් විද්‍යාවෙන් අවිද්‍යා ඝණාන්ධකාරයට යමින්, දරුවන් ගෝත්‍රික මානසිකත්වයට දක්කමින් සිටීමේ ඇදහිය නොහැකි පුවතක් අප වෙත වාර්තා වේ.

මෙම විදුහල කොළඹ විශාඛා විදුහල වන අතර මේ පිස්සු ක්‍රියාව සිදුකර ඇත්තේ එහි විදුහල්පතිනිය කුප්‍රකට කර්නල් සඳමාලි අවිරුප්පොළ නමැත්තියයි. (රාජපක්ෂ යුගයේ ඇයටත් කර්නල් තනතුරක් දුන්නේය)

ඇය හෙට (14) සෙනසුරාදා විශාකා විදුහලේ ශාන්ති කර්මයක් හෙවත් තොවිලයක් සූදානම් කර තිබේ. දරුවන්ට ශ්‍රී ලංකාවේ සංස්කෘතික අංග පිළිබඳ අවබෝධයක් ලබා දීම සඳහා මෙවැන්නක් සූදානම් කිරීම ගැටළුවක් නොවන නමුත් ඇය මෙය සිදුකරන්නේ සම්පූර්ණයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ නීති රීති වලටත් පිටින් ගොස් අන්ධ භක්තිය දරුවන් තුල රෝපණය කරමිනි. මෙවැනි තොවිල් පවිල් වලින් මිනිසුන්ට ශාන්තිය ගෙන දිය හැකිය යන අන්ධ විශ්වාස වලට නවීන විද්‍යාවෙන් දියුණු අද ලෝකයා පමණක් නොව වසර 2500 කට පෙර බුදු රජාණන් වහන්සේ පවා විරුද්ධ වී ඇත. මේවා සැබෑ බෞද්ධයන් පිළිකුල් කරන දේවල්ය.

සඳමාලිගේ පිස්සුව කොතරම්දැයි කිවහොත් පාසැල කිල්ලට අසුවෙනවා කියා තොවිලයට පෙර දින 3 ක් පාසැලේ කිසිදු දරුවෙකුට උදේ හෝ දහවල් ආහාර සඳහා නිවසින් ගෙන එන ආහාර පාර්සලයට මස් මාළු බිත්තර සහිත කෑම කිසිවක් පාසැල තුලට ගෙන ඒමට ඉඩ දී නැත. ඒ සඳහා පරීක්ෂණයට පිරිසක් ගේට්ටු අබියස යොදා තිබේ. එපමණක් නොව නිවසේදීද මස් මාළු බිත්තර කිසිවක් නොකා දින 3 ක් සිටින ලෙසද දරුවන්ට උපදෙස් දී ඇත. පාසැලේ කැන්ටිමේ දින 3 ක් පුරා මස් මාළු බිත්තර සහිත කිසිදු ආහාර වර්ගයක් විකිණීම සපුරා තහනම් කර තිබේ.

අවිරුප්පොලගේ තොවිලය නිසා මේ දිනවල විශාඛාව ෆුල් වෙජිටේරියන් ය.

සඳමාලි අවිරුප්පොල මෙම තොවිලය පවත්වා ශාන්ති කර්ම ලබා ගන්නේ අන් කිසිවකට නොව නව පාසැල්වාරය ආරම්භ කරද්දී ඇය විසින් ගිල්ල ජරාව කන්දරාව නිසා ඇයට වස් වදීවි යැයි බියෙනි. අධ්‍යාපන අමාත්‍යාංශය මගින් රාජකීය විදුහලේ මෙන් විශාඛා විදුහලේද විමර්ශන ආරම්භ කළහොත් සියල්ල හෙළිවන නිසා ඉන් ගැලවීමට ගන්නා ගෝත්‍රික උත්සාහයක් ලෙස මෙවැනි දෙයක් කරන බව දැන ගන්නට තිබේ.

මෙවැනි පිස්සියන්ට රටේ දරුවන්ගේ අනාගතය බාර දී බඩ උලාගෙන සිටිනවාද? යන්න ගැන අධ්‍යාපන අමාත්‍යාංශය තීන්දුවක් ගත යුතුය.

  ඔබේ අදහස්
Nme - Perumal
Message -නගර සභාවේ කුණු දැමීමට තැන් නොමැති නිසා ඇය ජරාව කෑම ගැන එක අතකින් සතුටු විය හැකිය. තොවිලය කරන්නේ බඩේ ඉඩ මදි නිසා විය හැකිය.
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com