master
New Page 1

'තහනම් ගසට' ගොඩවුණු ගැටවරයා හා තිදරු මව එකට වස බොති


2017-01-13 06.55 AM -  6115 යි

අනියම් ඇසුර තම සැමියාට හසුවීමෙන් පසු මහ රෑ නිවසින් පිටව විත් හිරිමල් තරුණයකු සමඟ ලැඟුම්හලක නවාතැන් ගත් තිදරු මවක්‌ තම ලාබාල පෙම්වතා ද සමඟම වස පානය කර මියයැමේ සිද්ධියක්‌ රත්නපුර පොලිසියෙන් වාර්තා වෙයි.

මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ නිවිතිගල, දෑල පදිංචිකාරියක වූ තිස්‌පස්‌ හැවිරිදි තිදරු මවක්‌ සහ ඇගේ අනියම් පෙම්වතා බව කියන අවිවාහක තරුණයෙකි. ඔහු මියගිය කාන්තාවගේ නිවසට යාබද නිවසක පදිංචිව සිටි 25 හැවිරිදි අයෙකි. මියගිය දෙදෙනා ලැඟුම්ගෙන සිටි කාමරයේ තිබී හමුවූ ජංගම දුරකථන දෙක අතර හුවමාරුව තිබුණු පෙර ඇමතුම්වලින් කළ විමසීම්වලින් මොවුන්ගේ අනන්‍යතාව හඳුනාගත් බව මේ සිද්ධිය පිළිබඳ පරීක්‌ෂණ සිදුකරන පොලිස්‌ සැරයන් (19450) ධර්මසේන මහතා පැවසුවේය.

මියගොස්‌ සිටින කාන්තාවගේ සැමියා කලක්‌ විදේශගතව සිට ඇති අතර එම කාලය තුළදී තම බිරිඳ අසල්වැසි තරුණයකු සමඟ අනියම් සබඳතාවක්‌ පවත්වාගෙන යන බවට සැමියාට ආරංචිවී ඇත.

ඉකුත් 09 දා උදේ මේ පිළිබඳව දෙදෙනා අතර ආරවුලක්‌ ඇතිවීමෙන් පසු එදින රාත්‍රියේම බිරිඳ නිවසින් පිටව ගොස්‌ ඇති බව ද සැමියා පොලිසියට පවසා ඇත.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ තම බිරිඳත් සමඟ අසල්වැසි තරුණයා ද නිවසින් අතුරුදන්ව සිටි අතර මෙලෙස වස පානය කර මියගොස්‌ ඇත්තේ එම තරුණයා බවය.

රත්නපුර පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ නි. ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක රාජකරුණා මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ සැරයන් (19450) වැඩිදුර පරීක්‌ෂණ පවත්වයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
   

New Page 1

  2014 by www.eethalayanews.com