master
New Page 1

ඩොලර් ලක්‍ෂ 3 ක්‌ රැගෙන එන ආයෝජකයින්ට තාවකාලික විසා


2017-01-13 06.40 AM -  405 යි

ඇමරිකානු ඩොලර් ලක්‍ෂ තුනක මුදලක්‌ මෙරටට රැගෙන එන ආයෝජකයන්ට මෙරට තාවකාලිකව පදිංචිවී සිටීමට වීසා ප්‍රදානය කිරීමට රජය තීරණය කර ඇතැයි මුදල් ඇමැති රවි කරුණානායක මහතා ඊයේ (12 දා) මුදල් අමාත්‍යාංශයේදී පැවැසිය.

වසර දෙකත් පහත් අතර කාලයකට මේ වීසා ප්‍රදානය කිරීමට නියමිත බවද මුදල් ඇමැතිවරයා කීවේය. එසේම ඉදිරියේද මේ වැඩපිළිවෙළ තවදුරටත් පුළුල් කරමින් වැඩි විදේශ විනිමය ප්‍රමාණයක්‌ මෙරටට රැගෙන එන විදේශිකයන්ට නේවාසික වීසා වැනි වරප්‍රසාද ලබාගත හැකි ආකාරයට මෙය නීතිගත කිරීමට අපේක්‌ෂා කරන බවද ඇමැතිවරයා කීවේය.

මෙහි මූලික අරමුණ වන්නේ පොලී ගෙවීමට සිදුවන ණය පසුපස නොයා රටට වැඩියෙන් විදේශ විනිමය ආකර්ෂණය කර ගැනීම බවද මුදල් ඇමැතිවරයා කීවේය.

අදාළ පුද්ගලයා මෙරටට එම විදේශ විනිමය ප්‍රමාණය රැගෙන ආ බව තහවුරු කළ යුතු බවද හෙතෙම තවදුරටත් කීවේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
   

New Page 1

  2014 by www.eethalayanews.com