master
New Page 1

වීරවංශ අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කළ මොහොතේ කළබගෑනියට කුමන්ත්‍රණය කෙළේ ජනාධිපතිගේ ලේකමෙක්..!


2017-01-11 07.15 AM -  627 යි

විමල් වීරවංශ මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණි අවස්ථාවේ සිට ඔහු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම දක්වා ඔහුගේ පාක්ෂිකයන් රැස්කොට කලබගෑනියක් කිරීමට කුමන්ත්‍රණය කරන ලද්දේ ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු ලේකම් මියුරු භාෂිත ලියනගේ නමැත්තා බව අපගේ අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වේ.

මේ තැනැත්තා ජනාධිපති පාර්ලිමේන්තු සම්බන්ධීකරණ ලේකම් ධූරයට අමතරව ජනාධිපති යටතේ ඇති සමුද්‍රීය පරිසර අධිකාරියේද, ඖෂධ නිෂ්පාදන සංස්ථාවේද අධ්‍යක්ෂ ධූර දෙකක් දරන්නේ ය.

විමල් වීරවංශ අත් අඩංගුවට ගත් ඊයේ(10) දිනයට පෙර මියුරු විසින් පොලිස්පති පූජිත ජයසුන්දර අමතා විමල් වීරවංශ අත් අඩංගුවට ගන්නවාද ඒ කවදා දැයි විමසා තිබේ. ජනාධිපතිවරයාට ඒ සම්බන්ධයෙන් දැන ගැනීමට අවශ්‍ය බවද දන්වා ඇත. ඒ අනුව පොලිස්පතිවරයා විසින් මූල්‍ය අපරාධ කොට්ඨාශයෙන් කරුණු විමසා සියළු තොරතුරු එනම් වීරවංශ අත් අඩංගුවට ගන්නා බවත් ඒ 10 වෙනිදා බවත් ජනාධිපතිගේ පාර්ලිමේන්තු ලේකම් මියුරු භාෂිතට පවසා ඇත. මියුරු භාෂිත විසින් මේ සියළු තොරතුරු විමල් වීරවංශට රහසිගතවම දන්වා ඇත. තොරතුරු දැනගත් විමල් වීරවංශ එය තම වෙබ් අඩවිය මගින් හෙළිකළ අතර මාධ්‍ය කරුවන්ටත් ඔහුගේ පක්ෂයේ හෙංචයියන්ටත් එදිනට මූල්‍ය අපරාධ කොට්ඨාශය ඉදිරිපිටට එන ලෙස දන්වා ඇත.

ඒ අනුව මූල්‍ය අපරාධ කොට්ඨාශයට වීරවංශ එන විට බෙංගමුවේ නාලක චීවරධාරියා රජයේ දේපොල අවභාවිත කරමින් කෝටි 9 කට අධික මුදල් රජයට අහිමි කළ අපරාධකරුවාට පිරිත් නූල් ගැට ගසමින් ආශිර්වාද කළ අතර වාහන අවභාවිතා කළ වීරවංශ හෙංචයියෝ සහ ඥාති ඝනයා කලබගෑනි කළහ.

මියුරු භාෂිත මේ ආකාරයටම මහින්දානන්ද අලුත්ගමගේ වෙනුවෙන්ද ක්‍රියා කළ බව 2016 සැප් 17 වෙනිදා ජනාධිපති කිව්වා කියමින් මෛත්‍රීගේ නම විකුණා හොරු බේරා ගැනීමට මැදිහත් වූයේද මෙම ළේකමාමය.

මියුරු භාෂිත මේ ආකාරයෙන් හොරු බේරා ගැනීමට මැදිහත් වන්නේ ජනාධිපතිවරයාගේ අනුදැනුම නොමැතිව යයි විශ්වාස කළ නොහැකිය. මන්ද යත් තමන්ගේ ලේකම්වරයෙක් කරන්නේ කුමක්ද කියා ජනාධිපතිවරයා නොදැන සිටීමට හැකියාවක් නොමැති නිසා ය. ජනාධිපතිවරයා තම පාර්ලිමේන්තු ලේකම්වරයාගේ ක්‍රියා පිළිවෙතට විරුද්ධ නම් කළ යුතුව ඇත්තේ ඔහුව එම ධූරයෙන් ඉවත් කර වෙනත් අයෙකු පත් කර ගැනීම වුවද එවැන්නක් මෙතෙක් සිදුව නැත. කර ඇත්තේ ඔහුට තව තව තනතුරු පිදීමය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
   

New Page 1

  2014 by www.eethalayanews.com