master
New Page 1

පොලිසියේ ඉල්ලීමට කිලිනොච්චි අධිකරණය පයින් ගසයි


2017-01-10 06.44 AM -  762 යි

කිලිනොච්චියේ පිහිටි කොටි සුසාන භූමියකට හිටපු කොටි ක්‍රියාකාරීන්ට ඇතුළුවීම වළක්‌වන ලෙස පොලිසිය කළ ඉල්ලීම කිලිනොච්චි අධිකරණය ප්‍රතික්‌ෂේප කර ඇත.

හිටපු කොටි ක්‍රියාකාරීන් 6 දෙනකු කනගපුරම් නමැති කොටි සුසාන භූමියට ඇතුළු වී ස්‌මාරකයක්‌ ඉදිකිරීම සම්බන්ධයෙන් කිලිනොච්චි පොලිසිය මගින් ඔවුන් අධිකරණය වෙත යොමුකර තිබුණි.

එහිදී මෙම හිටපු කොටි ක්‍රියාකාරීන් හයදෙනාට එක්‌ අයකුට රුපියල් 50,000 බැගින් ඇප නියම වූ අතර වැඩිදුර විභාගය ජනවාරි 20 දාට කල්තබන ලදී.

කිලිනොච්චියේ කරාචි ප්‍රාදේශීය සභාවට අයත් මෙම කනගපුරම් සුසාන භූමියේ ස්‌මාරකයන් ඉදිකිරීම සඳහා හිටපු කොටි ක්‍රියාකාරීන් විසින් අවසර ගෙන නැත.

  ඔබේ අදහස්
Nme - Perumal
Message -උතුරෙදි නඩු කාරයෙක් පොලිසියෙ ඉල්ලීම ප්‍රතික්ෂේප කලාම ඉල්ලීමට පයින් ගසයි. දකුනෙදි පොලිසියෙ ඉල්ලීමක් ප්‍රතික්ෂෙප වුනාම අධිකරණයෙ නිදහස තහවුරු වෙයි. මේක යකාගේ ප්‍රවෘත්ති කලාවක්.
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com