master
New Page 1

වුලක් ජිවත් කළ කිරි අම්මා අරන් මස් කරලා


2017 01-09 04.55 PM -  581 යි

දඹුල්ල ඇතා බැදිවැව කිරි එළදෙනක් , මාස හයක හා අවුරුද්දක් වයස කුඩා පැටව් දෙන්නකු ඊයේ රාත්‍රි සොහොන් භූමියකදී මරා මස් රැගෙන ගොස් තිබෙනවා. මෙම සොරුන් පිරිස හම පමණක් සොහොනේම ගොස් ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

දඹුල්ල ඇතා බැදිවැව පදිංචි නිමල් හේරත් මහතා විසින් මේ කිරි හරක් රැකබලා ගෙන ඇත්තේ ඔවුන්ගේ අසරණ කම නිසා ධානපතියකු විසින් මේ ගව දෙන ලබාදීමත් සමගයි.

හරක් හිමිකරු නිමල් හේරත් මහතා පැවසුවේ, තම ගෙවත්තේ ගසක බැඳ තිබියදී රැටගන ගොස් ඇති බවයි. ඔහු අද අලුයම හතරට පමණ කිරි දෙවීමට එළදෙන අසලට එද්දී සතුන් නොසිටි අතර ,පසුව සොයා බලද්දී අසල්වැසියකු මාර්ගයෙන් සොහොනේ තම සතුන්ගේ කොටස් තිබෙන බව දැනගෙන තිබෙනවා.

නිමල් හේරත් මහතා දරුවා දෙන්නකුගේ පියෙක් වන අතර ඔවුන් පාසල් යන වියේ පසුවනවා.


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
   

New Page 1

  2014 by www.eethalayanews.com