master
New Page 1

ශ්‍රී ලංකා පොලිසිය කැබලි 9 කට කැඩෙයි


2017 01 09 07.36 AM -  791 යි

1866 සැප්තැම්බර් 3 දා සිලෝන් පොලිස්‌ හෙවත් ලංකා පොලිසිය ආරම්භ විය. ඉන්දියාවේ රත්නගිරි ප්‍රාන්තයේ පොලිස්‌ ප්‍රධානියා ලෙස කටයුතු කළ පොලිස්‌ ප්‍රධානියා ලංකාවේ පොලිසියේ ප්‍රධාන පොලිස්‌ අධිකාරි ලෙස පත් කෙරුණි.

1867 මෙරට ප්‍රථම පොලිස්‌පති ලෙස විලියම් රොබට්‌ කැම්ප්බල් පත්වූ අතර පොලිස්‌ මූලස්‌ථානය මරදානේදී ආරම්භ විය. 1870 දී මුස්‌ලිම් කැරළිකරුවන්ගේ ප්‍රහාරවලින් පොලිස්‌ මූලස්‌ථානයට අලාභහානි සිදුවිය. එම වසරේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හෙවත් සීඅයිඩී නමින් හඳුන්වන ආයතනය ස්‌ථාපිත විය.

ඒ සමයේ පොලිසියේ භට සංඛ්‍යාව 585 කි. එහෙත් පොලිස්‌පති කැම්බල් පොලිස්‌ භටයන් සංඛ්‍යාව 1528 ක්‌ තෙක්‌a වැඩි කළේය. 1913 වසරේදී හර්බට්‌ ඩව්බිගින් මෙරට අටවැනි පොලිස්‌ පති ලෙස පත්විය. ඔහුගේ සමයේදී පොලිස්‌ ස්‌ථාන 119 ක්‌ ක්‍රියාත්මක විය. 1932 දී මරදානේ පිහිටි පොලිස්‌ මූලස්‌ථානය කොටුවේ ස්‌ථාපිත විය.

එහෙත් පොලිස්‌ සේවය ආරම්භ වී වසර 150 ක්‌ ගතවන අවස්‌ථාවේ aජාතික හා මහජන ආරක්‍ෂාව සහ පොලිසිය හා නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ අනුකාරක සභාව ශ්‍රී ලංකාවේ පොලිසිය කැබැලි නවයකට බෙදීමට නිර්දේශ කර ඇත. එහෙත් රටේ ජනතාව මේ නිර්දේශ ගැන දන්නේ නැත. එකී අනුකමිටු නිර්දේශවලින් කියා සිටින්නේ පොලිස්‌ බලතල පළාත් සභාවලට ලබාදිය යුතු බවයි. මේ අනුව ශ්‍රී ලංකා පොලිස්‌ දෙපාර්තමේන්තුව ජාතික පොලිසිය හා පළාත් පොලිස්‌ සේවාව ලෙස කැබැලි නවයකට වෙන් වේ. එහිදී රජයට එරෙහිව අපරාධ රාජ්‍ය දේපළ පිළිබඳ අපරාධකාරී ක්‍රියා සහ ජාත්‍යන්තර අපරාධ ඇතුළු වෙනත් කටයුතු ජාතික පොලිසියට පැවරේ.

එසේම අපරාධ මර්දන වංචනික ක්‍රියා මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු පොලිස්‌ කාර්යභාර සියල්ල පළාත් පොලිසිවලට පැවරෙනු ඇත.

මේ හැර යම් විමර්ශනයක්‌ ජාතික පොලිසිය යටතේ ක්‍රියාත්මක වන අංශයකට මාරු කළ හැක්‌කේ පළාතේ පොලිස්‌ කොමසාරිස්‌ගේ එකඟතාවය මත පමණි. මෙම පළාත් පොලිසිවල කටයුතු නිරීක්‍ෂණය කිරීමේ අධීක්‍ෂණ බලය පොලිස්‌පතිට හිමිවන්නේ නැත.

පළාත් පොලිස්‌ සේවාවන්ට භටයන් බඳවා ගැනීමේදී භාෂාව හා පදිංචිය පිළිබඳ නිර්නායකයන් යෙදීම නිසා උතුරු හා නැගෙනහිර පළාත්වල පොලිස්‌ සේවාවන් ජාතිය හා භාෂාව අනුව ජාතික පොලිසියෙන් හා අනිකුත් පළාත්වල පොලිස්‌ සේවාවන්ගෙන් වෙන්වනු ඇත.

මෙම අනු කමිටුව විශේෂඥයන් දෙදෙනකුගේ සහය ලබාගෙන ඇති අතර ඉන් එක්‌ අයෙක්‌ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයෙක්‌ බව අනාවරණය වී තිබේ.

අනුකමිටු නිර්දේශ මත මෙරට ඉතිහාසයේ මුල්වරට ශ්‍රී ලංකා ජාතික පොලිසිය හා ශ්‍රී ලංකා පළාත් බද පොලිසිය ලෙස වෙන් කළ යුතු යෑයි දක්‌වා ඇත. එසේම පොලිස්‌ නිලධාරියාගේ තත්ත්වය ද මෙම නිර්දේශවලින් දෙකඩ වේ. පොලිස්‌ නිලධාරියාගේ පදවි ලාංඡනයේ ඔහු අනුයුක්‌තව සිටින්නේ ජාතික පොලිසියට ද නැනිනම් පළාත්බද පොලිසියටද යන්න පැහැදිලිවම පෙන්නුම් කිරීමටද සිදු වේ.

මෙයට අමතරව සෑම පළාතකටම පොලිස්‌ කොමසාරිස්‌වරයකු පත් කෙරේ. ඔහු එම පළාතේ පොලිස්‌ හමුදාවේ ප්‍රධානියා වේ. ඒ අනුව ජාතික පොලිසියේ පොලිස්‌පතිට අමතරව පොලිස්‌ කොමසාරිස්‌වරු පත් කිරීම යනු තවත් පොලිස්‌පතිවරු නවයක්‌ පත් වීමයි.

මේ පොලිස්‌පතිවරු නවදෙනා සඳහා පළාත් පොලිස්‌ මූලස්‌ථාන කාර්යාංශ සහ පළාත් පොලිස්‌ පුහුණු ආයතන ස්‌ථාපිත කිරීමටද නිර්දේශ වී ඇත.

මෙරට ජනතාව ශ්‍රී ලංකාවේ පොලිසිය කැබලි නමයකට වෙන් කරන ලෙස ඉල්ලා නැත. පොලිසිය කැබලි කිරීමට අමතරව පළාත් සඳහා පොලිස්‌ කොමිසම් නවයක්‌ පත් කිරීමටද සිදු වේ. එම පොලිස්‌ කොමිසම්වලට සාමාජිකයන් පත් කිරීමේ බලය හිමිවන්නේ මහ ඇමැතිවරයාටය.

මෙම නිර්දේශ රට මහත් විනාශකාරී තත්ත්වයකට පත් කරන බව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයකු වූ ගාමිණී ගුණවර්ධන මහතා අනතුරු අඟවා ඇත.

13 වැනි සංශෝධනය යටතේ පොලිස්‌ බලතල පළාත් සභාවලට ලබා දුන්නොත් පොලිස්‌ මෙහෙයුම් ව්‍යqහය කඩාවැටෙන බවද දක්‌වන ගුණවර්ධන මහතා කයිට්‌ස්‌හි පාසල් දැරියක්‌ සමූහ දූෂණයට ලක්‌ වීමේ සිද්ධියේදී පොලිස්‌ මෙහෙයුම් ව්‍යqහයේ කාර්යක්‍ෂමතාවය නිසා එම අපරාධකාරී ක්‍රියාවට සම්බන්ධ සැකකරු කටුනායක ගුවන්තොටුපොළේදී අසුවූ බවද කියා සිටියේය.

අපරාධකරුවන් එක්‌ පළාතකින් තවත් පළාතකට පැනගියොත් එම අපරාධය සිදුවූ ප්‍රදේශයේ පොලිසියට අපරාධකරු සැඟවී සිටින පළාතේ මහඇමැතිගෙන් අවසර ගැනීමට සිදු වෙනවා. මේ නිසා ජනතාව දුෂ්කරතාවකට පත්වෙනවා යෑයි හිටපු නියෝජ්‍ය පොලිස්‌පතිවරයා සඳහන් කළේය. 1987 දී ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මහතා 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කළ අතර පොලිස්‌ බලතල ලබාදීමට ක්‍රියා කළේ නැත. ඊට සමානව බස්‌නාහිර මහ ඇමැතිනියව සිටි චන්ද්‍රිකා කුමාරතුංග පොලිස්‌ බලතල ඉල්ලා සිටියත් ජනාධිපති ඩී. බී. විඡේතුංග මහතා එම ඉල්ලීම එකහෙළාම ප්‍රතික්‍ෂේප කරනු ලැබීය. මෙම පසුබිම මැද පොලිස්‌ බලතල ඉල්ලන්නේ ද්‍රවිඩ සංධානය සහ උතුරු මහඇමැති සී. විග්නේශ්වරන් ය. එහෙත් පළාත් සභාවලට පොලිස්‌ බලතල දුන්නොත් සිදුවන්නේ වසර 150 කට අධික කාලයක්‌ ක්‍රියාත්මක වූ පොලිස්‌ මෙහෙයුම් ව්‍යqහය මුළුමනින්ම බිඳ වැටීම බව තහවුරු වේ.

පොලිස්‌ බලතල ඉල්ලීම ද්‍රවිඩ සංධානයේ මෙන්ම උතුරු මහ ඇමැතිගේ දේශපාලන අරමුණ වේ. මේ බෙදුම්වාදීන්ගේ අරමුණ අහෝසි කිරීම සඳහා අපේ රණවිරුවන් 29000 ක්‌ දිවි පිදූහ. තවත් 14,000 ක්‌ ආබාධිතයන් බවට පත් විණි. එහෙත් අද සිදුවන්නේ කුමක්‌ද? ඒ ගෞරවනීය මළවුන් තමන් දිවිපිදූ උත්කෘෂ්ට ක්‍රියාව පාවාදීමක්‌ නොවේද?

පළාත්වලට පොලිස්‌ බලතල දීමේ විපාක ඉන්දියාවෙන් හා ප්‍රංශයෙන් සනාථ විය. ත්‍රස්‌තවාදීන් ඉන්දියාවේ මුම්බායි නගරයට ත්‍රස්‌ත ප්‍රහාර එල්ලකළ අවස්‌ථාවේ නවදිල්ලියේ සිට කමාන්ඩෝ භට කණ්‌ඩායම් මුම්බායි වෙත එවිම සඳහා මහරාෂ්ඨ්‍ර මහ ඇමැතිගෙන් අවසර ගැනීමට සිදු විය. ඒ සඳහා පැය ගණනාවක්‌ ගත විය.

කොන්ග්‍රස්‌ නායිකා සෝනියා ගාන්ධි ඉන්දු කාශ්මීරයේ ශ්‍රී නගර් ගුවන් තොටුපළට පැමිණි අවස්‌ථාවේ ඉන් පිටතට පැමිණීම සඳහා මහඇමැතිගෙන් අවසර ගැනීමට සිදු වුණි.

ප්‍රංශයේ බැට්‌කාලන් රඟහලට ත්‍රස්‌ත ප්‍රහාර එල්ල වූ විට ජාතික පොලිසිය සහ ෙඩරල් පොලිසිය සිදුවන්නේ කුමක්‌දැයි දැන සිටියේ නැත. ඊට මූලික හේතුව එම පොලිස්‌ සේවා අතර සබඳතාවක්‌ නොතිබීමයි.

මෙලෙස ශ්‍රී ලංකා පොලිසිය කැබැලි බවට පත්වීමෙන් සිදුවන්නේ කුමක්‌ද? ඊට පසුබිම සකස්‌ වූයේ කෙසේද?

13 වැනි ආණ්‌ඩුක්‍රම සංශෝධනය කර වසර ගණනාවක්‌ ගතවුවත් බලයට පත්වූ කිසිදු රජයක්‌ එම සංශෝධනය ක්‍රියාත්මක කළේ නැත. එම තත්ත්වය මත 2015 ඔක්‌තෝබර් 1 දා ඇමරිකාව ජිනීවා නුවර මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කළ යෝජනාවේ දක්‌වා ඇත්තේ 13 වැනි ආණ්‌ඩුක්‍රම සංශෝධනය වහාම ක්‍රියාත්මක කළ යුතුයි යන කාරණාවයි.

උතුරේ බෙදුම්වාදී පාර්ශ්ව වෙනම රටක්‌ නිර්මාණය කිරීමට උත්සාහ කිරීමේ ක්‍රියාවලියෙන් කියා සිටින්නේ ආයුධ සන්නදධ පොලිස්‌ බළකායක්‌ අවශ්‍ය බවයි. මේ අනුව උතුරු පළාත් සභාවටද පොලිස්‌ ආඥපනතක්‌ හදා ගැනීමට උතුරු මහඇමැතිට ඉඩ ලැබේ. එසේම උතුරට පත්වන පොලිස්‌ කොමසාරිස්‌ හෙවත් පොලිස්‌පති අනිවාර්යයෙන්ම මහ ඇමැතිගේ රූකඩයක්‌a වේ. එම තත්ත්වය මත කොළඹ ජාතික පොලිසියේ සිට උතුරේ විශේෂිත රාජකාරීවලට යන පොලිස්‌ නිලධාරීන්ට කටයුතු කිරීමට සිදුවන්නේ එකී පොලිස්‌ කොමසාරිස්‌ යටතේයි.

වසර 35 ක්‌ ශ්‍රී ලංකා පොලිසියේ සේවය කළ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණි ගුණවර්ධන පොලිස්‌ බලතල පළාත්සභාවලට ලබාදීමේ විපාක ආපසු මධ්‍යම ආණ්‌ඩුවට පාරාවළල්ලක්‌ වන බවට අනතුරු අඟවා ඇත. එහෙත් රජයේ දේශපාලන යාන්ත්‍රණය පොලිසිය හමුවේ එල්ලවී ඇති මෙම භයානක තර්ජනය කෙරේ අවධානය යොමු කර තිබේද? මෑතකදී ද්‍රවිඩ සංධාන මන්ත්‍රී සහ ප්ලොට්‌ සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මෙලෙස පවසා තිබේ.

"පොලිස්‌ සහ ඉඩම් බලතල අපිට ඉතා වැදගත්. එම බලතල ලබාගැනීමට අපි රජය සමඟ සාකච්ඡා පවත්වනවා. ඒ සම්බන්ධයෙන් යම් ගිවිසුමකට එළැඹීමට හැකිවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා."මෙම බලතල ලබා ගැනීම සම්බන්ධව යහපත් ප්‍රතිචාරයන් පළ වී තිබෙනවා."

කොටි සංවිධානයේ රූකඩය මෙන් ක්‍රියා කළ ද්‍රවිඩ සංධානය මෙලෙස පොලිස්‌ බලතල ලබා ගැනීමට දැඩි උත්සාහයක්‌ ගන්නේa බෙදුම්වාදයේ ප්‍රධාන ඉලක්‌කය සපුරා ගැනීමේ අරමුණෙනි. මෙම දුෂ්ට සැලසුම ව්‍යර්ථ කිරීම සඳහා රටවල් 10 ක ක්‍රියාත්මක වන ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ නියෝජිත පිරිසක්‌ පසුගියදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී ව්‍යවස්‌ථා අනුකමිටු නිර්දේශ ගැන දැඩි විරෝධය පළ කළහ.

එහිදී ජනාධිපතිවරයා පැවසුවේ එම අනුකමිටු වාර්තාවල ඇති නිර්දේශ යනු නිර්දේශ පමණක්‌ බවය. ඒවා ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බවත්ය.

එහෙත් ද්‍රවිඩ සංධාන නායක ආර්. සම්පන්දන් පවසන්නේ එම අනුකමිටු වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. මෙහිදී තවත් බරපතල ප්‍රශ්නයක්‌ මතුවී ඇත. උතුරේදී ආවා කණ්‌ඩායම මතු වූ අවස්‌ථාවේ රජය විශේෂ පොලිස්‌ බළකාය යොදවනු ලැබීය. නැගෙනහිර අර්බුද ඇතිවූ විට ද විශේෂ බළකාය යොදවා තිබුණි.

එහෙත් පළාත් සභාවලට පොලිස්‌ බලතල දුන්නොත් එසේම කාර්ය බළකාය පත්වන්නේ කුමන තත්ත්වයකටද? උතුරු මහ ඇමැති සහ නැගෙනහිර මහ ඇමැති විශේෂ කාර්ය බළකායට උතුරට හා නැගෙනහිරට ඒමට ඉඩදෙනු ඇතැයි කිව හැකිද? එසේම උතුරු පළාත් සභාවට පොලිස්‌ බලතල දීම යනු සිය බෙල්ල සියතින් කපා ගැනීමට සමානය. අවි පුහුණුව ලත් 12000 ක්‌ කොටි උතුරේ සිටින බව අමතක නොකළ යුතුය. පුනරුත්ථාපනය නොලැබූ කොටි 260 ක්‌ද උතුරේ සිටින බව මෑතකදී අනාවරණය විය. වන්නි මෙහෙයුම අවසන්වී වසර 7 ක්‌ ගතවී ඇතත් උතුරේ අවි ආයුධ කොපමණ ප්‍රමාණයක්‌ සඟවා තිබේද යන්න ආරක්‍ෂක හමුදාව පවා නොදනී. ඒ බව දන්නේ හිටපු කොටි ක්‍රියාකාරීන් පමණකි. එවන් අයහපත් තත්ත්වයක්‌ මත උතුරේ යළි අර්බුදකාරී තත්ත්වයක්‌ ඇති වුවොත් ඊට කඩිනමින් ප්‍රතිචාර දැක්‌වීමට (පොලිස්‌ බලතල ලබාදීමෙන් පසු) මධ්‍යම රජයට හැකියාවක්‌ තිබේද?

ඉන්දියාවේ මුම්බායි නගරයේ ටාඡ් හෝටලය ඇතුළු ස්‌ථාන කීපයකට එල්ලවූ ත්‍රස්‌ත ප්‍රහාරය මර්දනය කිරීම සඳහා නවදිල්ලි නුවර සිට මුම්බායි වෙත කමාන්ඩෝ බළකායක්‌ එවීමට පැය 12 ක්‌ ගත විය. ඊට හේතුව වූයේ පොලිස්‌ බලතල නිසා නවදිල්ලි පාලනයට කමාන්ඩෝ බළකාය විගස මුම්බායි වෙත එවීමට නොහැකි වීමයි.

යෝජිත ව්‍යවස්‌ථාවට අදාළ අනුකාරක සභාව තවදුරටත් නිර්දේශ කර ඇත්තේ නව ව්‍යවස්‌ථාව ක්‍රියාත්මකවී වසරක්‌ තුළ ජාතික හා පළාත් පොලිසි ස්‌ථාපිත කළ යුතු බවයි. මේ අතර නෝර්වේ අරමුදල් මත යෑපෙන රාජ්‍ය නොවන සංවිධානයක්‌ අපූරු ප්‍රකාශයක්‌ කර ඇත. එනම් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන ක්‍රියාවලියක්‌ සිදුවන බව දන්නේ ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 1ක්‌ පමණක්‌ බවයි. එසේම ව්‍යවස්‌ථා සංශෝධන පිළිබඳ මහජන අදහස්‌ විමසීමේ කමිටුව ගැන ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 70 ක්‌ අසා නැති බවද එම රාජ්‍ය නොවන සංවිධානය තවදුරටත් දක්‌වා ඇත. එසේ නම් යෝජිත ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව කෙටුම්පත් වූයේ ද්‍රවිඩ සංධානය උදෙසාද?

එය සනාථ වන්නේ කොළඹ බම්බලපිටියේ සරස්‌වතී ශාලාවේදී ද්‍රවිඩ සංධාන නායක ආර්. සම්බන්ධන් කළ ප්‍රකාශයකිනි. 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ඔබ්බට ගිය විසඳුමක්‌ අපට අවශ්‍යයි යෑයි සම්බන්ධන් කියා සිටියේය. මේ අතර මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ ඡේම්ස්‌ ඩව්රිප් ප්‍රකාශයක්‌ කරමින් 2017 වසර තුළ නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවක්‌ පිළිබඳව ශ්‍රී ලාංකික බහුතරයක්‌ බලා සිටින බව තමා අදහස්‌ කරන බව කීවේය.

කොළඹ ඩොලර් අරමුදල් ලබන එන්.ජී.ඕ. සංවිධානයක්‌ යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ වන බව දන්නේ සියයට 1 ක්‌ යෑයි පවසද්දී බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කර ඇත්තේ හාස්‍යජනක ප්‍රකාශයක්‌ නොවේද?

මෙවන් පසුබිමක්‌ මැද පෙබරවාරි 17 දා යාපනය නගරයේදී තමිල්නාඩුවේ හිටපු මහඇමැති එම්. ජී. රාමචන්ද්‍රන්ගේ හා පසුගියදා මියගිය මහ ඇමැතිනි ජයලලිතා ජයරාම්ගේ ප්‍රතිමා දෙකක්‌ ස්‌ථාපිත කිරීමට රාමචන්ද්‍රන් Eන් ක්‌ලබ් නමින් හිටිහැටියේ මතුවූ සංවිධානය්ක සැලසුම් කර ඇත.

එම්. ජී. රාමචන්ද්‍රන් යනු කොටි සංවිධානයට ඉන්දීය රුපියල් පනහක්‌ ලබාදුන් බෙදුම්වාදියෙකි. ශ්‍රී ලංකාවේ කොටි ත්‍රස්‌තයන්ට එරෙහිව දියත් වූ වන්නි මෙහෙයුම නතර කිරීම සඳහා ජයලලිතා දැඩි උත්සාහයක්‌ ගත් අතර ශ්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා එල්ලවන ජිනීවා යෝජනාව ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ගෙනඒමට සහය වූයේ ජයලලිතායි.

මෙම බෙදුම්වාදීන්ගේ ප්‍රතිමා යාපනය නගරයේ පිහිටුවීම සඳහා යාපනය නගර සභාව අවසරදී නැති බව වාර්තාවේ. එහෙත් එම ප්‍රතිමා ඉදිකිරීම යනු ශ්‍රී ලංකාවට එල්ලවූ ෙද්‍රා්හි ක්‍රියාවක්‌ වේ.

මේ අතර තවත් බරපතළ සිද්ධියක්‌ වාර්තා විය. ඒ රජයේ සංහිඳියා කාර්ය සාධක බලකාය ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව ජාත්‍යන්තර විනිසුරුවන් සහිත හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කළ යුතු යෑයි රජයට නිර්දේශ කිරීමයි.

කීර්ති වර්ණකුලසූරිය


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
   

New Page 1

  2014 by www.eethalayanews.com