www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වැට පැනගෙන ඇනගත් කෙල්ල නිසා දොස්තර හා සෞඛ්‍ය සේවා නිලධාරිනි මාරු කරලා...


2021-08-27 00:15:51 -  994 යි

කොවිඩ් 19 මර්දන ෆයිසර් එන්නත වයස අවුරුදු 18ට අඩු පිරිසකට සහ ප්‍රදේශයෙන් බැහැර පිරිසකට ලබාදීමේ සිද්ධිය සම්බන්ධව සමාජ මාධ්‍ය වල ප්‍රචාරය වීමත් සමඟම වෛද්‍යවරයෙකු සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක ස්ථාන මාරුකර තිබෙනවා. හලාවත, කොක්කවිල රජයේ පාසලේ ස්ථාපිත කර තිබූ එම එන්නත්කරණ මධ්‍යස්ථානයකදී මෙම අක්‍රමිකතාව සිදු වූ බවයි මුලින්ම සමාජ මාධ්‍ය ජාලා අනාවරණය කළේ.

මෙම අනාවරණයත් සමග අදාළ අවස්ථාවේ එන්නත්කරණ මධ්‍යස්ථානය භාරව සිටි වෛද්‍යවරයා සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය පුත්තලම මූලික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. ඒ බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය තහවුරු කරනවා. මූලික විමර්ශන අවසන් වන තෙක් ඔවුන් මෙලෙස ස්ථාන මාරු කර තිබෙන බවයි ඇය කියන්නේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com