www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

නයනතාරා මරණ මංචකයේ.. හෙට ජීවත් වේදැයි නොදන්නා බව කියමින් වීඩියෝවක…


2021-08-14 00:25:14 -  964 යි

කොරෝනා වෛරසය ආසාදනය වී සිටින තමන් අසාධ්‍ය වී කොළඹ නවලෝක රෝහලට ඇතුළත් කරන ලද බව ජනප‍්‍රිය රංගන ශිල්පිනී නයනතාරා වික්‍රමාරච්චි සඳහන් කරයි.

එම රෝහලේ සිටිමින් අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කරමින් ඇය සඳහන් කරන්නේ මුල් දින කිහිපයේ දී තමන්ට කිසිදු අසනීප තත්ත්වයක් නොතිබුණු නිසා තමන් එය එතරම් නොතැකූ නමුත් පසුව ඇති වූ දැඩි අපහසු තාවයන් මත රෝහල්ගත වූ බවයි.

දැන් වුවද තමන්ට කතා කළ හැක්කේ ඉතා කෙටි කාලයක් පමණක් බවත් එනිසා මෙම බරපතල තත්වය සලකමින් සියළු ටෙලි නාට්‍යවල රූපගත කිරීම් නවත්වන්නැයි ඉල්ලා සිටින බවද ඇය සදහන් කලාය.

මෙම රෝගය ඉතාම බරපතළ එකක් බවත් එනිසා සියලු දෙනාම ප්‍රවේශම් වන්නැයිද තමන් ඉල්ලා සිටින බවද ඇය කියා සිටියාය.

 


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com