www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

යාපනයේ ආවා කල්ලියෙන් තිදෙනෙක් කපයි.. ප්‍රභලයෙක් අත්අඩංගුවට…


2021-08-11 07:49:04 -  910 යි

යාපනය තෙලිප්පලෙයි පොලිස් බලප්‍රදේශයේදී 09 රාත්‍රියේ ආවා කල්ලියේ පහරදීමකින් පුද්ගලයින් තිදෙනෙකුට බරපතල තුවාල සිදුකල ආවා කල්ලි ප්‍රභලයෙකු 10 දින කඩුත් සමග අත්අඩංගුවට ගත් බවට පොලීසිය පවසයි.

තෙලිප්පලෙයි මාර්ගයකදී ඊයේ රාත්‍රියේ මෙලෙස තියුණු ආයුධවලින් පහරදීම සිදුව ඇති අතර පහරදීම සිදුකරන ලද ආවා කල්ලි සාමාජිකයින් පිළිබඳව ලැබුනු තෙරතුරකට අනුව තෙලිප්පලෙයි අපරාධඅංශ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අද අලුයම් කාලයේදී විශේෂ වැටලීමක් සිදුකොට ආවා කල්ලියේ ප්‍රභල සාමාජිකයෙකු අධිබලැති එන්ජින් ධාරිතාවයෙන් යුතු යුතුපැදි දෙකක් හා කඩු දෙකක්ද සමගින් අතඅඩංගුවට ගැනීම සිදුවිය.

අත්අඩංගුවට ගත් සැකකරු තෙලිප්පලෙයි ප්‍රදේශයේම සැකකරුවෙකු වන අතර සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී රාත්‍රිකාලයේදී තියුණු ආයුධ වලින් පහරදී පුද්ගලයින් සතු අධික වේගයෙන් ගමන්කල හැකි යතුරුපැදිද රැගෙන යන බවටද පවසා ඇත.

පහරකෑමෙන් තුවාල ලැබූවන් තෙලිප්පලෙයි රෝහලට අතුලත් කොට ඇති අතර සැකකරු යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද තෙලිප්පලෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com