www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ගණිකාවන් අලෙවි කරන වෙබ් අඩවියක මගේ දුරකථන අංකයත් දාලා – හිරුනිකා


2021-07-24 09:31:31 -  900 යි

බාල වයස්කාර දැරිවියන් ලිංගික ශ්‍රමිකයන් ලෙස යොදාගැනීම සම්බන්ධව මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කලේ

ශ්‍රී ලංකාව තුල තරුණ ගැහැණු ලමයින්ගේ Facebook හා Instagram සම්බන්ධව නියාමනයක් නැති බවත් බොහෝ පිරිමි ලමයින් තරුණ ගෑණු ලමයින්ගේ චායාරූප යොදාගෙන බොරු වෙළඳදැන්වීම් පල කරන බවත් එසේ යොදාගත් එක් වෙළඳදැන්විමක තමන්ගේ දුරකථන අංකය යොදා තිබූ බවත් පැවසුවා.

දුරකථනයට කතා කල එක් පිරිමි ලමයෙකු හමුවීමට අවශ්‍ය බව පවසා ඇති අතර ඇය ඉන් පසු ඒ පිළිබඳව සොයා බලා ඔහුට අවවාද කර තිබෙනවා.

ඇය තව දුරටත් පෙන්වා දෙන්නේ ලංකාවේ මිනිස්සු ඉන්නේ ලොකු ලිංගික පිඩනයකින් බවත් කොරෝනා සමයේ නිවෙස් වලට වී සිටීමෙන් එය බොහෝ වැඩි වී ඇති බවයි.

මේ පිලිබදව බොහෝ දෙනා කතා කිරීමට බය බවත් මේවා පිළිබඳව කතා කල යුතු අතර විෂයපථයට ලිංගික අධ්යාපනය ගැන දාන්න කිව්වම කෑ ගහන මිනිස්සු බස් රථයක යම්කිසි කන්තාවකට අතවරයක් වෙන බව කිව්වම අහක බලන් ඉන්නවා.. මේ පිළිබඳව සමාජ මාධ්‍ය ද වගකිවයුතු බවයි ඇය පවසන්නේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com