www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

GitHub ගැන ඔබ දැන සිටිය යුතු කරුණු 6 ක්


2021-06-24 07:06:39 -  922 යි

IT ක්ෂේත්‍රයේ අධ්‍යාපන කටයුතු කරන කෙනෙක් හෝ රැකියාවක නියැලෙන කෙනෙක් නම් GitHub කියන්නේ ඒ තරම් නුහුරු නුපුරුදු වචනයක් නෙමෙයි. GitHub කියන්නෙ open source repository hosting සේවාවක්. ඒ කියන්නෙ මුදලක් වැය කරන්නෙ නැතුව දත්ත ගබඩා කර තබාගත හැකි සේවාවක්. නමුත් සාමාන්‍යයෙන් දත්ත ගබඩා කිරීමට අපි යොදාගන්න cloud services, ඒ කියන්නෙ Google Drive, Dropbox වගේ සේවාවන්ට වඩා GitHub සුවිශේෂීයි. අන්න ඒ විශේෂත්වය වගේම Software Developer කෙනෙක්ට GitHub වැදගත් වෙන්නෙ කොහොමද කියලා අද අපි විමසා බලමු

 

GitHub කියන්නෙ මොකද්ද?

GitHub benefits for students - What is GitHub, - Learn GitHub from Spark Foundation

GitHub තුළින් වෙන්නෙ ඕනෑම programming language එකක් භාවිතා කරමින් ඔබ විසින් සකසන project එකක source code එක store කරල තබාගැනීම. Programmers ලාට developers ලාට පුලුවන් code එක GitHub වෙත upload කරලා සමගාමීව වැඩ කරන්න. ඒ කියන්නෙ ඔබේ project එකේ team එකක් වැඩ කරනවනම් team එකේ ඉන්න හැම කෙනෙක්ටම කිසිම අවහිරයක් හෝ බාධාවක් නොවෙන විදියට code එකට changes/ updates කරන්න පුලුවන්. මේ ක්‍රමවේදය හඳුන්වනවා version control නමින්. ඒ කියන්නෙ code එකට කරන changes, bugs fixing, වැඩිදියුණු කිරීම් (optimizations) හැමඑකක්ම එකකට එකක් conflict නොවෙන විදියට උපරිම කාර්යක්ෂමතාවයක් ඇතිව manage කරගන්න පුලුවන්. ඒවගේම හැම change එකක් ගැනම backtrack එකක් තියාගන්නත් GitHub ඔස්සේ හැකියාව ලැබෙනවා. ඒවගේම හැම change එකක්ම අවසානයේදි code එක review කරලා Live system එකට changes merge කරන්න පුලුවන්.

දැන් අපි බලමු GitHub වලින් Software Developer කෙනෙක්ට තියෙන  benefits මොනවාද කියලා?

 

වැඩ පෙන්වන්න platform එකක්

GitHub benefits for students - Learn GitHub from Spark Foundation

GitHub කියන්නෙ Software developers ලාට සහ programmers ලා වෙනුවෙන් තියෙන social media platform එකක් කියලා හඳුන්වන්නත් පුලුවන්. ඔබ විසින් develop කල project එකක්, code එකක් coding community එකට ඉදිරිපත් කරල reviews ගන්න GitHub ඔස්සේ අවස්ථාව හිමිවෙනවා. ඒ තුළින් තවත් code එක හෝ project එක වැඩිදියුණු කරගන්න පුලුවන්. ඒ විතරක් නෙමෙයි. ඔබ Software Industry එකේ Job එකක් බලාපොරොත්තු වෙනව නම් IT companies වලට ඔබේ projects සහ අදාළ subject area එකේ ඔබේ ප්‍රවීණත්වය (expertise)  පෙන්වන්නත් GitHub උපකාරී වෙනවා.

 

Documentation Support එක

GitHub benefits for students - Documentation support, Learn GitHub from Spark Foundation

Software Development වලට අදාළ ඕනෑම topic එකක් ගැන documentation සහ guides GitHub වල ඇතුළත් වෙනවා. ඒ නිසා coding කරද්දි කොතෙන්දි හරි හිරවුණොත්, තවත් ඒ ගැන හදාරන්න ඕන කියලා හිතුණොත් මේ guides follow කරලා ඔබට දැනුම ලබාගන්න පුලුවන්

Changes track කිරීමේ හැකියාව

GitHub benefits for students - Track changes, Learn GitHub from Spark Foundation

Changelog හරහා ඔබට changes track කිරීමේ අවස්ථාව GitHub ලබාදී තියෙනවා. ඒ මඟින් Change එකක් හරියටම කල වෙලාව, කවුද change එක කළේ සහ change එක ඇතුළෙ කළේ මොනවද කියන එක track කරගන්න පුලුවන්. ඒවගේම repository එකක් නිසා කලින් changes වලදි කල දේවල් delete වෙන්නෙ නැහැ. නැවතත් අවශ්‍ය වුණොත් refer කරන්න පුලුවන්. Team එකක් එක්ක වැඩ කරද්දි මේ option එක ඉතාම උපකාරී වෙනවා

 

Open source platform එකක් වීම

GitHub benefits for students - Opensource platform, Learn GitHub from Spark Foundation

 

Open source projects කියන්නෙ ඕනෑම අයෙක්ට මුදල් ගෙවීමකින් තොරව access කරන්න පුලුවන් projects වලට. අද වන විට හැම Open Source Project එකක්ම, තමන්ගෙ projects manage කරන්න Github යොදාගන්නවා. මේ හරහා ඕනෑම කෙනෙක්ට ඔබේ project එකට සුදුසු යැයි හිතෙන suggestions සහ enhancements propose කරන්න පුලුවන්. ඒවගේම Open source projects වල තියෙන අනෙක් විශේෂත්වය තමයි latest technologies සහ market trends වලට ඉක්මණින් update වීම. Software Development එක්ක full time වැඩ කරන ඒ හා සම්බන්ධ ගැටලු සහ කාරණා වලට විසඳුම් ලබාදෙන community එකක් එක්ක  GitHub හරහා ඔබට සම්බන්ධ වෙන්න පුලුවන්. ඒ තුළින් ඔබේ දැනුම වැඩිදියුණු කරගන්නත්, programming tricks සහ hacks වගේ දේවල් ගැන අවබෝධයක් ලබාගන්නත් පුලුවන්. GitHub කියන්නෙ Software Developer කෙනෙක්ට කොයිතරම් වැදගත් platform එකක්ද කියලා ඔබට දැන් පැහැදිලි ඇති. Developer කෙනෙක් නොවුණත් UI/UX, Quality Assurance වගේ fields වල ඉන්න කෙනෙක්ට වුණත් GitHub profile එකක් පවත්වා ගෙන යාම ඉතා සුදුසුයි. ඒ වුණත් මේ platform එකට එකපාර හුරුවෙන එක නම් ඒ තරම් ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. ඒක ටික කාලයක් ගතවෙන වැඩක්. ඒත් මූලික  මඟපෙන්වීමක් ලබාගත්තොත් ඔබට ඉතාම ලේසියෙන් GitHub වල වැඩ කරන්න පටන් ගන්න පුලුවන්.

GIT Hub ගැන පැහැදිලිව සිංහලෙන් ඉගෙනගන්නේ කොහමද?

Spark - Version control with GIT course

Spark Foundation හරහා ලබාදෙන Version Control with GIT කියන්නෙ ඔබට ඉතාම පහසුවෙන් සහ ඉක්මණින් GitHub ගැන හැමදේම හරියටම ඉගෙන ගන්න පුලුවන් course එකක්. foundation.spark.lk හරහා ඔබට කිසිදු මුදලක් වැය නොකර මෙම පාඨමාලාව හදාරන්න පුලුවන්. Spark Foundation courses වල විශේෂත්වය වෙන්නෙ ප්‍රායෝගික උදාහරණ සහ සංසිද්ධී ඇසුරෙන් කාරණා පැහැදිලි කරදීම. GitHub Version Control course එකත් ඒ විදියටම practical approach එකක් එක්ක යන course එක්ක කියලා තමයි මේ course එකත් එක්ක enroll වුන කට්ටිය කියලා තිබ්බෙ. GitHub ගැන මුල ඉඳන් ඉගෙන ගන්නත් දැනට IT field එකේ ඉන්න කෙනෙක්ට GitHub වල තියෙන අලුත් දේවල්, tips සහ tricks ගැන ඉගෙන ගන්නත් මේ online පාඩම් මාලාව ප්‍රයෝජනවත් වේවි කියලා අපි විශ්වාස කරනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com