www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පුදුකුඩුඉරිප්පුවේදී වැදුණු වෙඩි ප්‍රහාර බඩ පසාරු කරගෙන ගියා... පැරාලිම්පික් යන මහේෂ්ගේ කතන්දරය මෙන්න...


2021-05-23 08:14:36 -  618 යි

ඔරු පැදීමේ ඉසව්වෙන් ඔලිම්පික් වරම් හෝ පැරාලිම්පික් වරම් ලද ක‍්‍රීඩකයෙකු පසුගිය 07 වැනිදා වන තෙක් අපේ රටෙන් බිහිවී සිටියේ නැත. එහෙත් ඉතිහාසය වෙනස්විණි. වාර්තා පොත් අලූත්විණි. ශ‍්‍රී ලංකා යුද හමුදාවේ මහේෂ් ජයකොඩි පැරාලිම්පික් වරම් ලැබුවේය. ඒ අනුව ලබන අගෝස්තු මස 24 වැනිදා සිට සැප්තැම්බර් 04 වැනිදා දක්වා ජපානයේ පැවැත්වෙන පැරාලිම්පික් තරගාවලියේ පිරිමි කේවල (ද්විත්ව හබල්) ඉසව්වෙන් ශ‍්‍රී ලංකා ධජය සමගින් මහේෂ් ජයකොඩි එම තරගයට පිවිසෙනු ඇත.

ඊට සුදුසුකම් ලැබීම සඳහා පසුගිය 07 වැනිදා ජපානයේ පැවති තරගයේදී මහේෂ් සෙසු තරගකරුවන් පරදවා ප‍්‍රමුඛස්ථානයට පත්වූවේය. සිය දෑතේ සවියෙන් ශ‍්‍රී ලංකාවට එම විශිෂ්ට ජයග‍්‍රහණය ලබාදුන් මහේෂ් ‘මීවිත’ සමඟ මෙසේ පිළිසඳරකට එක්විණි.

ජයග‍්‍රහණය ගැන ඔබට මොකද හිතෙන්නේ?

ලොකු සතුටක් දැනෙනවා. දිනනවාම කියන බලාපොරොත්තුවෙන් තමයි තරගයට සහභාගි වුණේ. ඒ වගේම ලොකු අධිෂ්ඨානයකුත් හිතේ තිබුණා. අවසානයේ මගේත් රටේත් බලාපොරොත්තු ඉටුවුණා.

swim3මේ ජයග‍්‍රහණය සමගින් ඔබ පැරාලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබුවා. එහිදී ජයග‍්‍රහණය ගැන මොනවගේ බලාපොරොත්තුවක්ද තිබෙන්නේ?

ගොඩක් අභියෝග එල්ල වෙයි. ඒත් යුද හමුදාවේ ඉඳපු, රට වෙනුවෙන් සටන් කරපු අපේ හිතේ හයිය ගොඩක් ප‍්‍රබලයි. ඒ නිසා අනෙක් තරගකරුවන්ට අභියෝග කරමින් කුමන හෝ පදක්කමක් ලබාගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

මීට පෙර ඔබ ලබපු හොඳම ජාත්‍යන්තර ජයග‍්‍රහණය කුමක්ද?

2019 වසරේ ආසියානු ශූරතා තරගාවලියේ රිදී පදක්කම ජයග‍්‍රහණය කළා. කොරියාවේදී තමයි එම තරගය පැවැත්වුණේ. ඒ වගේම 2018 වසරේ පැවැති ලෝක ශූරතා ඔරු පැදීමේ තරගයෙන් 16 වැනි ස්ථානය ලබාගත්තා. බල්ගේරියාවේදී පැවැති එම තරගයට රටවල් විශාල ප‍්‍රමාණයකින් ක‍්‍රීඩකයන් සහභාගී වුණා. ඒ වගේම 2016 සහ 2017 වසරවල ඉතාලියේ පැවැති තරගාවලිවලට සහභාගි වුණා.

පළමු වරට ජාත්‍යන්තර තරගයකට සහභාගී වුණේ කවදද?

2015 වසරේ චීනයේ පැවැති ආසියානු ශූරතා තරගාවලියට. ඒක තමයි පළමු ජාත්‍යන්තර තරග අත්දැකීම.

මේ තරග සඳහා ඔබ පුහුණුවීම් කළේ කොහොමද?

චීනයේ පැවැති ආසියානු ශූරතා තරගාවලියට පෙර මාස 03 ක පුහුණුවක් චීනයේදී ලබාගත්තා. ඊට පසුව තමයි තරගාවලියට ඉදිරිපත් වුණේ.

ජාතික පැරාලිම්පික් කමිටුව මගින් තමයි එම පුහුණුව සඳහා මාව යොමු කළේ. ඊට පසුව 2017 වසරේදී එවකට යුද හමුදාපතිව සිටි මහේෂ් සේනානායක මහතා මට බෝට්ටුවක් අරන් දුන්නා. ඊට පසු මම ඒ බෝට්ටුවෙන් පුහුණුවීම් කළා.

ඒ බෝට්ටුව තවමත් තිබෙනවද?

ඔව්. දැනටත් මම ඒකෙන් තමයි පුහුණුවීම් කරන්නේ.

swim4ඔරු පැදීමේ තරගවලට ඉදිරිපත් වීමට පෙර ඔබ රෝද පුටු තරග වලට ඉදිරිපත් වුණා නේද?

ඔව්! කිලෝමීටර 22 මැරතන් තරගවලට සහභාගී වුණා. ඒවායෙන් ජයග‍්‍රහණ ලැබුණා. ඒ වගේම මීටර් 100, 200 සහ මීටර් 400 තරගවලටත් සහභාගි වෙලා ජයග‍්‍රහණ ලබාගෙන තිබෙනවා.

එම ඉසව්වලින් ජාත්‍යන්තර තරගවලට ඉදිරිපත් වෙලා නැත්ද?

නැහැ. අවස්ථාවක් ආවේ නැහැ.

ඔබ රෝද පුටු යොදාගෙන ෘ්බජසබට තරගවලටත් සහභාගී වෙනවද?

ඔව්.. ඒක මගේ විනෝදාංශය, දැනටත් මගේ විනෝදාංශය තමයි ‘වීල් චෙයාර් ඩාන්සින්’.

යුද හමුදාවට සම්බන්ධ වුණු ආකාරය මතක් කළොත්?

2007 වසරේදී සාමාන්‍ය සෙබළෙක් ලෙස යුද හමුදාවට සම්බන්ධ වුණා. ඒත් මගේ දක්‍ෂතාවයන් නිසා එම වසරේ අවසානයේදී විශේෂ බළකායට මාව බඳවා ගත්තා. දැනට මාණ්ඩලික සැරයන්වරයෙකු ලෙස කටයුතු කරනවා.

ඔබ ආබාධයට ලක්වුණේ කුමන වසරේදීද?

මානුෂීය මෙහෙයුමේ අවසාන අදියරයේදී. ඒ කියන්නේ 2009 වසරේ. එහිදී පුදුකුඩුඉරිප්පුවලදී එල්ටීටීඊ ප‍්‍රහාරයකට මාව හසුවුණා. මගේ බඩ ප‍්‍රදේශයෙන් ඇතුළුවූ වෙඩි ප‍්‍රහාර පිට කොන්ද පසාරු කරගෙන ගියා.

ඔබේ පාසල?

මම කුරුණෑගල දොඩම්ගස්ලන්ද විiාලයෙන් ඉගෙනුම ලැබුවා.

මෙතෙක් පැමිණි ගමනේදී ඔබට සිහිපත් කළ යුතු අය ඉන්නවාද?

මගේ තාත්තාට විශේෂ ස්තුතිය පුද කරන්න ඕන. එයා මගේ දක්‍ෂතා දැකලා ගොඩක් සතුටු වෙනවා. මගේ අම්මා මට වයස අවුරුදු 7 දී පමණ නැති වුණා. ඒ වගේම යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාටත්, මගේ පුහුණුකරු ලසන්ත වැලිකල මහතාටත්, යුද හමුදා ඔරු පැදීමේ පුහුණුකරු මංගල අලගියවන්න මහතාටත්, මේජර් ජෙනරාල් සංජය වනසිංහ මහතාටත්, කර්නල් බන්දුල බණ්ඩාර මහතාටත්, රාජිත අම්පෙ මොහොට්ටි මහතාටත්, හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාටත්, විශේෂ බලකායේ සේනාවිධායකතුමාටත් විශේෂ ස්තුතිය පුද කළ යුතුයි. විශේෂයෙන් යුද හමුදාවේ මට උදව් කළ හැමදෙනාටම මාගේ හෘදයාංගම ප‍්‍රණාමය පුද කරන්න ඕනෑ. ඔවුන් නිසයි මම මේ ස්ථානයේ ඉන්නේ.

සටහන
කුෂාන් සුබසිංහ

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com