www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වරාය පරිශ්‍රයට රාජ්‍ය බුද්ධි අංශය කාර්යාලයක්


2021-04-07 15:27:23 -  135 යි

වරාය ආරක්ෂක අංශය ප්‍රතිසංවිධානය කරමින් එහි මත්ද්‍රව්‍ය නාශක කාර්යාලයක සහ රාජ්‍ය බුද්ධි අංශ කාර්යාලයක් ස්ථාපනය කර තිබේ. 

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා පවසන්නේ ඉතිහාසයේ ප්‍රථම වරට බුද්ධි අංශ කාර්යාලයක් වරාය පරිශ්‍රයේ ස්ථාපනය වූ බවයි. 

මත් ද්‍රව්‍ය නාශක කාර්යාලය මඟින්ද මේ වන විට මෙහෙයුම් ගණනාවක් සිදුව ඇති අතර රේගු ආශ්‍රිතව සිදුවන කටයුතු නිරීක්ෂණය කිරීමටත් වරාය තුළ සිදුවන කටයුතු නිරීක්ෂණය කිරීමටත් රාජ්‍ය බුද්ධි අංශ කාර්යාලය ඉතා වැදගත් බවද සභාපතිවරයා පෙන්වාදෙයි.  

කොරෝනා වසංගතය හමුවේ 2020 වසර තුළ අනපේක්ෂිත ලෙස ආදායම් තත්ත්වය පහළ ගියද 2021 පළමු කාර්තුවේදී සාර්ථක ආදායමක් ලබාගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමත් වී තිබෙන බවද සභාපතිවරයා සඳහන් කරයි. 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com