www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ආමි සුරංග ඝාතනයට සිඅයිඩියේ හිටපු 3 ක්‌ අත්අංඩගුවට ගැනීමට නියෝග


2021-04-07 11:34:58 -  161 යි

ඇඹිලිපිටිය ප‍්‍රදේශයේදී ආමි සුරංග නමැති අයට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ස්ථානාධිපති සහකාර පොලිස් අධිකාරි ලසන්ත රත්නායක ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාට උපදෙස් ලබා දී තිබේ.
 
 අත්අඩංගුවට ගන්නා ලෙස දැනුම් දුන් අනෙක් නිලධාරීන් දෙදෙනා වන්නේ පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා කන්දප්පා සහ කොස්තාපල් පේ‍්‍රමකුමාරය.
 
 කලකට ඉහතදී ආමි සුරංග නමැත්තා අත්අඩංගුවට ගැනීම ස`දහා ඇඹිලිපිටිය ප‍්‍රදේශයට ගිය මොවුන් එම ප‍්‍රදේශයේ කෙසෙල් වගාවකදී ඔහුට වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා එල්ල වී තිබිණි. මොවුන් එම ඝාතනය සිදු කරනු ආමි සුරංගගේ ඥාතියකු විසින් දැක පැමිණිලි කිරීම එසේ චෝදනා එල්ලවීමට හේතු විය.
 
 මෙම සිද්ධිය සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග‍්‍රහයේ 296 වගන්තිය යටතේ ඇඹිලිපිටිය මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ මූලික විමර්ශනය ආරම්භ කරන ලෙසද නීතිපති දප්පුල ද ලිවේරා මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාට දැනුම් දී ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com