කුලියාපිටිය ප්‍රදේශයේ බුදු පිළිමවළට හානිකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ඉන්දීය ජාතිකයා හදිසියේ ඇතිවූ අසනිප තත්වයක් හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස්, චන්දන ඒකනායක මහතා සඳහන් කළේ ඊයේ රාත්‍රී හුස්ම ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් මෙම සැකකරු වාරියපොළ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවය.
කුලියාපිටිය ප්‍රදේශයේ බුදු පිළිම කිහිපයකට හානිකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය මාර්තු 19 වනදා එම සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවටගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකළ අතර ඔහු වාරියපොළ බන්ධනාගාරයේ රඳවා සිටි බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මියගිය සැකකරුගේ සිරුර වාරියපොළ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර අධිකරණ නියෝග ලැබීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.