www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අන්තවාදයට සම්බන්ධ මද්‍රසා පාසල් තහනමට ඉස්ලාමීය රටවල් සංවිධානයේ විරෝධය


2021-03-24 07:54:24 -  253 යි

ඉස්ලාමීය අන්තවාදයට සම්බන්ධව මෙරට මද්‍රසා පාසල් තහනම් කිරීම සඳහා මහජන ආරක්‍ෂක අමාත්‍ය රියල් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් ඉදිරිපත් කර ඇති කැබිනට් පත‍්‍රයට ඉස්ලාමීය රටවල සංවිධානය මුළුමනින්ම එරෙහිවී ඇත.
 
 ඉස්ලාමීය රටවල සංවිධානය තවදුරටත් දක්වා ඇත්තේ මෙවන් තීරණ ගැන රජය ප‍්‍රසිද්ධියේ හෙළා දැකිය යුතු බවයි. එහෙත් මහජන ආරක්‍ෂක ඇමැති සරත් වීරසේකර මහතා පැවසුවේ තමා එම තහනමට අදාළ කෙටුම්පත ඉවත්කර නොගන්නා බවයි.
 
 ශී‍්‍ර ලංකාවේ ජාතික ආරක්‍ෂාව ගැන තීරණය කරන්නේ රජයයි. ඊට මැදිහත්වීමට කිසිදු රටකට හිමිකමක් නැහැ යැයි හෙතෙම පැවසීය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com