www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ත්‍රස්ථ සංවිධාන විසින් බලහත්කාරයෙන් අතුරුදහන් කරවූවන්ට සාධාරණයක් ඉල්ලා උතුරේ සාමකාමී විරෝධතාවක්


2021-03-22 21:29:36 -  460 යි

LTTE  ත්‍රස්ථවාදීන් සහ PLOTE, TELO ඇතුළු අනෙකුත් දමිළ සටන්කාමී සංවිධාන විසින් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදහන් කර ඇති සහ ඝාතනය කරන ලද අයවළුන් සහ බලහත්කාරයෙන් තම සංවිධාන වෙත බදවා ගැනීමෙන් පසු අතුරුදහන්ව ඇති අයවළුන්ගේ පවුල් වල ඥාතීන් පිරිසක් LTTE හිතවාදීන් විසින් යාපනය නල්ලූර්  ප්‍රදේශයේ සිදුකරන ලද විරෝධතාවයට එරෙහිව 21 වන ඉරුදින සවස සිට විරෝධතාවයක නිරතව සිටී.

එම විරෝධතාව LTTE ඇතුළු අනිකුත් ත්‍රස්ථ සංවිධානයන් විසින් අතුරැදහන් කරන ලද අයවළුන්ගේ ඥාතීන්ගේ කැදවුම්කරු වන අරුල්නාදන් අරුල්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර ඔවුන් විසින් අතුරුදහන් වූ තම ඥාතීන් සබැදිව එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙතද සංදේශයක් භාරදීමට නියමිතව ඇති බවට පුවත් අනාවරණය වී ඇත.





  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com