www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වේලක්කන්නි සුරුවම පොළොවේ ගැසූ මුස්ලිම් ජාතිකයා අත්අඩංගුවට


2021-03-17 11:10:51 -  317 යි

කල්පිටිය ඒතාලේ කොළණියේ පිහිටි වේලක්කන්නි දේවමාතාවගේ පිළිරුව සහිත සුරුවමක් විනාශ කල පුද්ගලයකු ගම්මුන් විසින් අල්ලා පොලිසියට භාර දී ඇත.

පසුගිය 15 වන දා පස්වරු 6.30ට පමණ  මෙම සුරුවම අසලට පැමිණි ඒතාලේ ප‍්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතික 26 හැවිරදි පුද්ගලයකු මුලින්ම සුරුවම් කූඩුවේ වීදුරුවට පහරදී පසුව පිළිරුව පොළවේ ගසා පැන යන අතරතුර ගම්මුන් විසින් අල්ලා ගෙන තිබේ.

මේ පිළිබදව අදහස් දැක්වූ එම සුරුවම අසල නිවසේ පදිංචි අජිත් රණසිංහ මහතා සඳහන් කළේ තමන් 6.30 පමණ නිවසට වැඩ ඇරී පැමිණි වෙලේ එක පාරට පාර පැත්තෙන් වීදුරු සද්දයක් ඇහුනා. හිටපු ගමන් ත‍්‍රීවිල් මෙම හන්දියේ හැප්පෙනවා. මම තාප්පෙන් එල්ලිලා බලනකොට එක් අයකු සුරුවම් කූඩුවේ වීදුරුව බිඳලා දේවමාතාවගේ පිළිරුව උස්සාගෙන ඉන්නවා දැක්කා. මම කෑ ගැහුව්වා ඒයි ඒයි මොකද කරන්නේ කියකොටම සුරුවම බිම ගහලා දුවලා ගියා. මම කෑගැහුවා එතකොට කට්ටිය මිනිහව අල්ලා ගත්තා.

සිද්ධිය සම්බන්ධ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වනු ලබන අතර ප‍්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ පොලිස් කණ්ඩායම් හා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇත. ප‍්‍රදේශවාසීන් විසින් පොලිසියට අල්ලා දුන් සිද්ධියට සම්බන්ධ සැකකරු දැනට පුත්තලම පොලිසියේ රඳවා ගෙන තබා ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com