www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඉඩම් ජාවාරම මාධ්‍යයට කිව්වැයි ‘මුරුංගා මහින්ද බණ්ඩා මාමාට’ හොඳටම ගහලා


2021-03-17 07:37:03 -  217 යි

දඹුල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අලකොළවැව හා වෑවල වැව ප‍්‍රදේශයන්හි රජයේ රක්ෂිතයන්වල ඉඩම් අත්පත්කර ගැනීමේ ජාවාරමක් පිළිබඳව මාධ්‍යට කරුණු අනාවරණය කළ බවට චෝදනා කරමින් ප‍්‍රදේශයේ ගොවි මහතකුට ජාවාරම්කරු විසින් බරපතළ ලෙස පහරදීමෙන් තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇත.
 
 මෙසේ රෝහල් ගතකර ඇත්තේ දඹුල්ල-අලකොළවැව පදිංචි 56 හැවිරිදි සිව්දරු පියකු වන ඒ.ජී.දිසානායක හෙවත් බණ්ඩා මාමා ලෙස හඳුන්වන ගොවි මහතෙකි.
 
 ඉකුත් 14 වැනිදා දහවල් අලකොළවැව, කුරටියාය ප‍්‍රදේශයේදී මෙම පහරදීම සිදුව ඇත. ඉඩම් ජාවාරම්කරුවන ‘මුරුංගා මහින්ද’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුදගලයකු මෙම පහරදීම සිදුකළ බවට පොලිසියට පැමිණිලි කර ඇත.
 
 මරණීය තර්ජන එල්ලකර අතින් පයින් පහරදී තියුණු ආයුධයකින් ඇනීමට උත්සාහා කළ බවත් ජාවාරම්කරු සමග පැමිණ සිටි ඔහුගේ දරු දෙදෙනාගේ කෑ ගැසීම නිසා තමාගේ ජීවිතය බේරුණු බවද ගොවි මහතා කියා සිටියේය.
 
 වන ජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කැලෑ ඉඩම් එළිපෙහෙළි කර විවිධ ඉදිකිරීම සිදු කරමින් හා වගා කටයුතු කරමින් අත්පත් කර ගන්නා ඉඩම් පසුව ව්‍යාජ ලේඛන සකස්කර කොළඹ ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයන්ට අලෙවි කිරීම පිළිබඳව මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල සිදුකළ අනාවරණය කිරීම්වලින් පසු මෙම පහරදීම සිදුකර ඇත.
 
 සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන් නොමැත. දඹුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන් සිදුකරයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com