www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

හේකිත්තේ දෙව් මැඳුරක් අසල ගැවසුණු මුස්ලිම් යුවළක් අත්අඩංගුවට - පදිංචිය මුතුර්වල - හැඳුනුම්පතක්වත් ළග තිබී නෑ


2021-03-16 07:24:11 -  276 යි

වත්තල හේකිත්ත පාරේ කතෝලික දේවස්ථානයක් ආසන්නයේ සැක කටයුතු අන්දමින් හැසිරෙමින් සිටි මුස්ලිම් ජාතික අඹුසැමි යුවළක් වත්තල පොලිසිය මගින් ඊයේ (15 දා) අලූයම අත්අඩංගුව ගෙන ඇත.

මුතූර් ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බව කියන මෙම අඹුසැමි යුවළ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව හැඳුනුම්පතක් පවා තිබී නැති බව පොලිසිය පවසයි.

මෙම සැක කටයුතු යුවළ කුමන කාරණයක් සඳහා කොළඹට ආවේද යන්න ප‍්‍රකාශ කිරීමට අපොහොසත් වී ඇත.

මොවුන්ගෙන් ප‍්‍රශ්න කිරීම සඳහා රාජ්‍ය බුද්ධි සේවයේ සහ ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකයේ නිලධාරීන් යොදවා ඇති බවද පොලිස් ආරංචි මාර්ග පැවැසීය.

සැකකාර යුවළ පොලිසියට පවසා ඇත්තේ දෙහිවල සත්වෝiානය අසලදී ති‍්‍රරෝද රථයක පැමිණි පුද්ගලයකු තම ගමන් බෑගය කොල්ලකා ගෙන ගිය බවයි.

පසුව වෙනත් ති‍්‍රරෝද රථයක පැමිණි අයකු තමන් වත්තල ප‍්‍රදේශයට ගෙනැවිත් දැමූ බවද මෙම යුවළ ප‍්‍රකාශ කර ඇත.

මෙම අඹුසැමි යුවළගේ අනන්‍යතාව සොයා බැලීම සඳහා මුතූර් පොලිසිය වෙත දැනුම් දීමක් කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග කීය.

කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් මහතාගේ උපදෙස් මත වත්තල පොලිසිය පරීක්‍ෂණ පවත්වා ගෙන යයි.

නෝමන් පලිහවඩන, හේමන්ත රන්දුණු

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com