www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

‘කෝ ඇටකටු’... මිචෙල් බැෂලේට ආණ්ඩුවෙන් වෙට්ටුවක්


2021-03-13 13:25:07 -  270 යි

මරා දැමූ බව කියන ද්‍රවිඩ ජාතිකයන්ගේ සිරුර හෝ ඇට කැබලි පෙන්නුම් කරන ලෙස රජය ඊයේ (12 දා) ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැෂලේට අභියෝග කළේය.
 
 මේ නිසා යුද අපරාධ චෝදනා එල්ල කෙරෙන නව බි‍්‍රතාන්‍ය යෝජනාව හමුවේ රජය යටත් නොවන බව මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත තවදුරටත් දන්වා ඇත.
 
 මේ අතර එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් ඉදිරිපත් කළ නිර්දේශ 400ක් ඉටුකරන ලෙස බි‍්‍රතාන්‍ය ශ‍්‍රී ලංකාවෙන් කළ ඉල්ලීම රජය විසින් ප‍්‍රතික්ෂේප කර තිබේ.
 
 ශ‍්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර ඇති නව ජිනීවා යෝජනාව සඳහා ඡුන්ද විමසීම මාර්තු 22 දා පැවැත්වේ.
 
 මේ සංශෝධන යෝජනාවද රජය ප‍්‍රතික්ෂේප කර ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com