www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

SIගේ මිණීය ගෙට ගත්තෙත් නෑ – පැය භාගයක් මිදුලේ තබා මහ රෑ ගෙනිහින්


2021-03-08 08:45:52 -  1074 යි

තරුණියකගේ දිවි තොර කර ගමන් මල්ලක දමා වේල්ල වීදියේ දමා ගොස් පසුව දිවි තොර කරගත් උප පොලිස් පරීක්ෂකවරයාගේ දේ-හය ඊයේ (6) රාත්‍රියේ භූම දානය කර තිබේ.

බඩල්කුඹුර, වෙහෙරගොඩ පොදු සුසාන භූමියේදී අදාළ දේහය භූම දානය කළ බව බඩල්කුඹුර පොලිස් ස්ථානාධිපති සුනිල් දිසානායක මහතා ප්‍රකාශ කළේය.

දි-වි තොර කර ගැනීමක් බැවින් මිය ගිය උප පොලිස් පරීක්ෂකවරයාගේ දේහය සිවිල් ඇඳුමෙන් සරසා අවසන් ගෞරව දැක්වීමකින් තොරව භූ-ම දානය කළ බව ද බඩල්කුඹුර පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.

මි-යගිය උප පොලිස් පරීක්ෂකවරයාගේ ප-ශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව ඇත්තේ වස ශරීරගත වී ඇති බව හඳුනාගත් අතර ගෙල වැළලා ගැනීම හේතුවෙන් උගුරු දණ්ඩට හානි වීම නිසා මරණය සිදු වී ඇති බව ය.

තව ද මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව දේහය මිය ගිය උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවසට රැගෙන ගොස් ඇති අතර දේහය නිවස තුළට නොගෙන නිවසේ ඉදිරිපස තබා ආගමික වතාවත් ඉටු කළ බව අප වාර්තාකරු පැවසීය.

පසුව ඊයේ දින රාත්‍රියේම 10.00ට පමණ දේ-හය භූම දානය කර තිබේ.




  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com