හොරණ මාවක් ඔයේ තිබී යතුරු පැදියක ගැටගසන ලද පුද්ගල ඇටසැකිල්ලක් සොයා ගැනීමෙහි සිද්ධියෙහි සුල මුල අනාවරණය කර ගෙන තිබෙනවා. ඒ, හොරණ මුලස්ථාන පොලිසිය සිදු කළ විමර්ෂණයකට අනුවයි.
මෙම ඇටසැකිල්ල සොයා ගත්තේ ඉකුත් පෙබරවාරී මස 11වනදායි. පසුව ඒ සම්බන්ධයෙන් කළ විමර්ෂණයෙදී අනාවරණය වී ඇත්තේ මෙය ඝාතනයක් බවයි.
ඔහු යුද හමුදාවේ මූලික පුහුණුව ලැබූ අයෙක්. ඝාතනයේ ප්රධාන සැකකරු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනා කලක් තිස්සේ මිතුරුකමක් පවත්වාගෙන ගොස් ඇති අතර ඝාතනයට ලක් වූ පුද්ගලයා, ඝාතනය සිදු කළ පුද්ගලයාගේ නිවසටද ආගිය අයෙකු බවයි අනාවරණ වී ඇත්තේ.
පසුව ඔහු ප්රධාන සැකකරුගේ බිරිදට අනියම් ඇසුරක් සඳහා වරින් වර විවිධ යෝජනා කර ඇති බවත් ඒ ඔස්සේ හට ගැණුනු ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බවත් පොලිසිය පවසනවා