www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අතුරුදහන් වූවන්ගේ සංසදයෙන් තම ඥාතීන්ගේ අතුරුදහන් වීම සම්බන්ධව සොයා බලන ලෙස කොළඹදී උද්ඝෝෂණයක්


2021-03-04 20:43:26 -  459 යි

මියගිය සහ අතුරුදහන් වූවන්ගේ දෙමාපියන් සහ ඥාති සංසදය යන රාජ්‍ය නොවන සංවිධානයෙන් අද දින කොළඹ නගරයේ ස්ථාන කිහිපයක නිහඬ විරෝධතාවයක් පවත්වනු දැකගැනීමට හැකිවිය.

එම සංසදයේ සාමාජික සාමාජිකාවන් 150කට අධික පිරිසක් උතුරු නැගෙනහිර ඇතුලු දිවයිනේ සෙසු පළාත්වල අයද සහභාගි වී සිටිනු දැකගැනීමට හැකිවිය. එහිදි විශේෂත්ව වූයේ  ත්‍රිවිධ හමුදා, පොලිස් ඇතුලු අතුරුදහන් වූ සාමාන්‍ය පුද්ගලයින්ගේ ඥාතීන්ද පැමිණ සිටිනු දැක ගැනීමට හැකිවිය.

ඔවුන් අතුරුදහන් වූවන් අතරින් ත්‍රිවිධ හමුදා සහ පොලීසියේ 4500කට පමණ අධික පිරිසකගේ සහ සාමාන්‍ය වැසියන් 2700 කගේ පමණ විස්තර ඇතුලත් ලේඛණයක් ඇතුලු මොවුන්ගේ වත්මන් තත්වය සහ රඳවාගෙන සිටින්නේ නම් එම රඳවා ඇති ස්ථාන පිළිබඳ වහාම විමර්ශනය කරන ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානය ඇතුලු කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය, යුරෝපා සංගම් කාර්යාලය සහ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත අද පෙරවරුවේ පෙළපාලියකින් ගොස් සංදේශයක් මගින් භාරදෙනු ලැබූ බවට එහි ප්‍රකාශකයෙක් අප වෙත වාර්තා කර සිටියා.

අතුරුදහන් වූවන් අතුරින් ආරක්ෂක අංශ වල 4500ක් සහ සිවිල් වැසියන් 2500කට අධික සංඛ්‍යාවක් LTTE සංවිධානය විසින් පැහැරගත් අය බවට එම සංසදය විසින් බාරදුන් සංදේශයේ සදහන් වී ඇත.

ජනාධිපතිවරයා මුණගැසීමට ඔවුන් කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ජේෂ්ඨ නිලධාරියෙකු සංසදයේ නියෝජිතයින් කිහිපදෙනෙකු සමඟ සාකාච්චාවක් ලබාදී ඔවුන්ගේ ගැටලු වලට විසදුම් ලබාදීම සඳහා ජනාධිපතිවරයා වෙත යොමු කරන බවටද එම නිලධාරියා ප්‍රකාශ කළ බවට සංසදයේ නියෝජිතයෙක් තවදුරටත් අපවෙත දන්වා සිටියා.

 










  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com