වාහන දහයක් හප්පගෙන පැන ගනී
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ලෝකල් නේවි රුවන් නමැත්තා ඊයේ (25 වැනිදා) වත්තල නගරයේදී පොලිස් විශේෂ කාර්ය බළකා වෙඩි ප්‍රහාර මැද පලාගොස් තිබේ.
මෙම පුද්ගලයාගේ මෝටර් රථයට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ වෙඩි ප්‍රහාරය එල්ල වනවාත් සමග STF නිලධාරීන් පැමිණි වාහනයද අනතුරට ලක් කර ඔහු පලාගොස් ඇත්තේ මීගමුව මාර්ගයේ ගමන් ගත් තවත් වාහන දහයක් පමණ අනතුරට ලක්කරමිනි. මෙසේ පලාගිය වාහනය සිද්ධියෙන් පැය තුනකට පමණ පසු වත්තල වනවාසල ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පොලිසිය සොයාගෙන තිබුණි. එහි තිබී අත්බෝම්බයක්ද සොයාගෙන ඇත. වත්තල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් අසලට මෙම ජාවාරම්කරු පැමිණෙන බව පොලිස් විශේෂ කාර්ය බළකායට දැනගැනීමට හැකිවී ඇත්තේ හෙරොයින් සමග ඊයේ (25 වැනිදා) අත්අඩංගුවට ගත් සැකකරුවන් සිවුදෙනෙකුගෙනි. ඔවුන් සතුවද රුපියල් විසිලක්ෂයකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තිබී ඇත. ඔවුන්ගේ තොරතුරු අනුව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට සූදානම් වීමත් සමග පලාගොස් තිබේ.