www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

හම්බන්තොට වරායේන් නාවික හමුදාව ඉවත් කරනවාද නැත්ද ගැන චීනයෙන් ප්‍රකාශයක්


2021-02-18 08:16:43 -  455 යි

හම්බන්තොට වරායේ ආරක්ෂාව මුළුමනින්ම ශ්‍රී ලංකා රජය සතු බව කොළඹ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි. 

හම්බන්තොට වරායේ ස්ථාපනය කර ඇති නාවික හමුදා ඛණ්ඩය එම පරිශ්‍රයෙන් ඉවත් කිරීමට සූදානමක් පිළිබඳව පළවන මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙක්  මේ බව සඳහන් කළේය.

එය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නයක්, හම්බන්තොට වරායේ ආරක්ෂාව පිළිබඳව ශ්‍රී ලංකා රජය සහ නාවික හමුදාව විසින් තීරණ ගනීවි. වරායේ අයිතිය සියයට සියයක්ම ඇත්තේ ශ්‍රී ලංකාව සතුවයි. ඒ බව අපි මීට පෙරත් ප්‍රකාශ කර තිබෙනවා. වරාය පරිශ්‍රයේ පවතින නාවික හමුදා කඳවුර වරාය තුළ හෝ ඉන් පිටත තබාගැනීම පිළිබඳව වැඩිදුර තොරතුරු වරායට අදාළව වරාය අධිකාරිය සමග අත්සන් කරන ලද ගිවිසුමේ පැහැදිලිව සඳහන් කර ඇති බවද තානාපති කාර්යාල ප්‍රකාශකයෙක් වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් පෙරේදා (16 වැනිදා) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සඳහන් කරන ලද්දේ හම්බන්තොට වරාය පරිශ්‍රයේ ස්ථානගත කර ඇති නාවික හමුදා ඛණ්ඩය ඉන් ඉවත් කර ගැනීමට රජය සූදානම් වන බවයි.

 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com