මද්රසා පාසලේ විදුහල්පති මොහොමඩ් ෂකීල් CID අත්අඩංගුවට (වීඩියෝ)
|

2021-02-18 00:18:14
- 240
යි
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නීතිඥ හිජාස් හිස්බුල්ලාට අනුබල දීම සම්බන්ධයෙන් අදාළ මද්රසා පාසලේ විදුහල්පති මොහොමඩ් ෂකීල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න ප්රකාශ කළා.
මේ අතර පාස්කු ප්රහාරයට අදාළව අත්අඩංගුවට ගෙන මේ වන විට මාස 10කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද නීතිපතිවරයා අද පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.
ඔබේ අදහස්
ඔබට කැමති අයුරින් මෙහි ලියන්න |
|
|