www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

හිරබත් කෑවේ ඉස්ලාම් අන්තවාදයෙන් මුළුමහත් ජාතිය බේරා ගැනීමටයි


2021-02-17 10:42:04 -  165 යි

අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්, නින්දා අපහාස විඳිමින්, හිරේ ළඟිමින් ඉස්ලාම් අන්තවාදය පිළිබඳ කථා කළේ මුළුමහත් ජාතියක ඉරණම බේරා ගැනීමට මිස පාස්කු ප‍්‍රහාරයේ වගඋත්තරකරුවකු වීමට නොවන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඊයේ (16දා)සඳහන් කළේය.
 
 මෙම අන්තවාදයේ සැබෑ තත්ත්වය රටම තේරුම් ගත යුතු බවත් ඒ පිළිබඳ කතා නොකර කොහේවත් සිටින අලි සබ්රි එවන පන්දුවලට පහරදී ඇති ඵලක් නැතැයි ද උන්වහන්සේ පැවසූහ.
 
 බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඊයේ (16දා* එම අදහස් පළ කළේ රාජගිරිය නාවල පාරේ පිහිටි ශී‍්‍ර සද්ධර්මරාජික විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
 
 මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මෙසේ ද පැවසූහ.
 
 පසුගිය සතියේ ඉංගී‍්‍රසි පුවත්පතක ප‍්‍රධාන පුවත ලෙස පළව තිබුණේ පාස්කු කොමිසමේ වාර්තාව අනුව මාහට අපරාධ චෝදනා ගොනුකරන්න යන බව සහ බොදුබල සේනා සංවිධානය තහනම් කරන්න නිර්දේශ කර ඇති බව. මෙම පාස්කු කොමිසමේ අවසන් වාර්තාව දැන් තිබෙන්නේ ජනාධිපතිවරයා සතුවයි. එය ඔහුට පමණයි කියවීමේ හැකියාව තිබෙන්නේ. ඒ තරමට එය අතිශය රහස්‍ය වාර්තාවක්.
 
 එසේනම් ජනාධිපතිතුමා සතුව පවතින ලියවිල්ලක තිබෙන තොරතුරු තවත් පාර්ශ්ව දැනගන්නේ කොහොමද? එය එක මාධ්‍යක පමණක් පළවීම බරපතළ ප‍්‍රශ්නයක්.
 
 දැන් මට වෙලා තිබෙන්නේ ‘විද්දේ පඳුරට වැදුනේ හාවට’ වගේ වැඩක්. ඇත්තටම අපි මොන වරදක් කරාටද අපිව වරදකරුවෝ කරන්නේ. මිනිස්සු එහෙම බලාපොරොත්තු වුණාද? මෙය කැකිල්ලේ නඩු තීන්දුවක් වගේ. ඇත්තටම පාස්කු ප‍්‍රහාරයෙන් පසු වීරයෝ ගොඩක් බිහිවෙලා ඉන්නවා. අරහෙම කරන්න, මෙහෙම කරන්න කියන්න ඕන තරම් මිනිස්සු දැන් ඉන්නවා. නමුත් අපි 2010 සිට මේ ප‍්‍රහාරය වන තෙක්ම සතියක් සතියක් ගානේ මේ අනතුර ගැන අපි කිව්වා. නම් ගම් සහිතවයි අපි ඒ ගැන හෙළිදරව් කළේ. නමුත් දේශපාලනඥයන් සමාජ බලවේග මුකුත් කළේ නැහැ. ඔවුන් අපට බැන බැන සිටියා. එහි විපාක තමයි දැන් අපි විඳින්නේ. මට හිතෙන්නේ ආපහු ළඟකදී මෙහි බෝම්බ පිපිරෙනවා. පාස්කු ප‍්‍රහාරයේ මහ මොළකරුවෝ සියලූ දෙනා අද නිදැල්ලේ.
 
 මෙතැන කුමක් හෝ නොවිය යුත්තක් සිදුවෙලා තියෙනවා. ඒ ඕනම දේකට මුහුණ දෙන්න අප සූදානම්. තමන්ගේ අනාගත දේශපාලනයට වාසියක් ගන්න බලන් ඉන්න පල් හොරෙක් මේ කොමිසම අස්සට රිංගුව ද කියලා අපි දන්නේ නැහැ. දෙයියනේ ඔය කොමිසමට වැඩිම වාර ගණනක් කරත්ත බරට තොරතුරු රැුගෙන ගිහින් දුන්නේ අපියි.
 
 සහරාන්ගේ නායකයා කවුද කියලා හොයන එක මට තාම තේරෙන්නේ නැහැ. ඔහුගේ නායකයා තමයි අල්ලාහ් දෙවියෝ. අපි කවුරුවත් දැකලා නැහැ. එය විශ්වාසයක්. සහරාන්ලාගේ ඉගැන්වීම් තුළ ඔහු අඩුම
 
 තරමේ නබිනායකතුමාවත් ඔහු අනුගමනය කරන්නේ නැහැ. ඔහු කිසිවකු අනුගමනය කරන්නේ නැහැ. ඔහු පිළිගන්නේ නොපෙනෙන අල්ලාහ් දෙවියා පමණයි.
 
 මේ ඉස්ලාම් අන්තවාදය කොටි ත‍්‍රස්තවාදයට සම කරන්න බැහැ. සහරාන්ලාගේ අන්තවාදය ආගම මුල්කරගෙන එන එකක්. ඒ නිසා ජාතික ප‍්‍රශ්න සහ ආගමික ප‍්‍රශ්න වෙන් වෙන්ව අප හඳුනා ගත යුතුයි. සහරාන් පන්නයේ කල්ලි පනහකට ආසන්න සංඛ්‍යාවක් තවමත් මේ රටේ පවතිනවා. තහනම් කර තිබෙන්නේ හාල්මැස්සෝ වගේ ඉතා කුඩා සංවිධාන දෙකක් පමණයි. අපි ආණ්ඩුවට බලකර සිටිනවා මෙම සංවිධාන වහා තහනම් කරන ලෙස.
 
 මුළුමහත් ජාතියේම ඉරණම බේරා ගැනීම වෙනුවෙන් අනේක විධ දුක්ඛ දෝමනස්සයන්ට ලක්වෙලා හිරගෙවල්වල ළඟිමින් නින්දා අපහාස විඳිමින් මේ තරම් කැපකිිරීමක් කළ අපට මෙහෙම වෙනවා නම් අපි එය ලේසියෙන් අතහරින්නේ නැහැ. හැබැයි මෙහෙම වුණා කියලා අපි කාත් සම`ගවත් අරෝවක් නැහැ. බලාගෙන ගියහම අවිiාත්මක දේශපාලන ක‍්‍රමවේදයන් කි‍්‍රයාත්මක වන රටක මේ වගේ දේවල් සිදුවීම ගැන පුදුම වෙන්න දෙයකුත් නැහැ.
 
 සහරාන්ට උදව් කළ අය වහා අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපනය කළ යුතුයි. එසේම ඊට අනුබල දෙන සංවිධාන සහ ඉගැන්වීම් තහනම් කළ යුතුයි. වහබ්වාදීන් අතට පත්වී ඇති මුස්ලිම් සමාජය මෙහෙයවීමේ බලය සම්ප‍්‍රදායික මුසල්මානුවන් අතට අප පත් කළ යුතුයි.
 
 ඇත්තටම අපි මේ ඇත්ත ප‍්‍රශ්නය ගැන කතා නොකර කොහේවත් ඉන්න අලි සබ්රි දමන පන්දුවලට පහර දෙමින් සිටිනවා. මේ වැරදි මඟ යන සාකච්ඡුාව හරි මඟට ගත යුතුයි. ඔහු රටේ නායකයා නෙවෙයි. ඔහු අධිකරණ ඇමැති විතරයි. මොහු දඟලනවා වැඩියි. එක්කෝ ජනාධිපතිවරයා මේ ගැන තීන්දුවක් ගෙන ඔහුව කනෙන් ඇද එළියට දැමිය යුතුයි. එක්කෝ ඔහුට දෙවියන්ගේ හාල් කැවිලා. ඕනවට වඩා ලබුහබල් ඉහළට ගියාම රැුෙ`දන්න බැහැ. ඔහුගේ මේ ටොකු ඇනීම මහ සමාජය ඕනවට වඩා ඉවසන එකක් නැහැ. අද ජාතික වශයෙන් වැඩ කළ බොහෝ දෙනෙක් අකි‍්‍රය වෙලා. බලේ ලැබුණහම මොළේ නැතිවෙන එකට මෙය හොඳ උදාහරණයක්.
 
 පාස්කු කොමිසමේ අවසන් වාර්තාවට අවසානයේදී සිදුවූයේ කුමක්ද යන්න සොයා බැලීමට කොමිසමක් පත්කළ යුතු තත්ත්වයක් දැන් උදාවෙලා තිබෙන්නේ. නැත්නම් කොමිසමේ වාර්තාව රටට හෙළි කළ යුතුයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com