www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

දෙමළ ජනයාට දේශපාලන විසඳුමක් ලබාදීම වෙනුවෙන් දිගටම පෙනී ඉන්නවා - ඉන්දීය අගමැති නරේන්‍ද්‍ර මෝදි


2021-02-15 08:17:26 -  183 යි

උතුරු හා නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටලුවට ස්ථිර දේශපාලන විසඳුමක් ලබාදීම වෙනුවෙන් දක්වන රාජ්‍ය ස්ථාවරයේ කිසිදු වෙනසක් නැතැයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඊයේ (14 වැනිදා) චෙන්නායිහිදී පැවසීය.

චෙන්නායි හි උත්සව රැසකට සහභාගී වූ ඉන්දීය අග්‍රමාත්‍යවරයා ජවහල්ලාල් නේරු ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති රැස්වීමකදී එසේ කීය.

ඉන්දීය අගමැතිවරයා මෙසේද කීය.

ශ්‍රී ලංකාවේ වෙසෙන දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඉටුකරලීම වෙනුවෙන් ඉන්දියාව පැහැදිලි ස්ථාවරයක සිටිනවා. යාපනයට ඇවිත් ගිය එකම ඉන්දීය අගමැතිවරයා මමයි කියන ගෞරවය මා තුළ තිබෙනවා. පසුගිය කාලයේ දෙමළ ජනතාවට කළාට වැඩි යමක් වත්මන් ඉන්දීය රජය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාව වෙනුවෙන් නිවාස පනස් දහසක් ඉදිකිරීමේ ව්‍යාපෘතියත්, වතුකම්කරු ජනතාව වෙනුවෙන් නිවාස හාරදහසක ව්‍යාපෘතියත් රජයක් විදිහට අපි ක්‍රියාත්මක කළා. ඊට අමතරව තවත් ව්‍යාපෘති රැසක් කළා. එමෙන්ම මන්නාරමත් යාපනයත් අතර දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කරන්නත් යාපනය හා චෙන්නායි අතර ගුවන් සේවා ආරම්භ කරන්නත් වැඩ කරගෙන යනවා. තවත් නොබෝ දිනකින් විවෘත වීමට නියමිත යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයත් අපේ දායකත්වය අනුව සිදුවන්නක්. ශ්‍රීලංකාවේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් එරට නායකයන් වෙත අපි නිරන්තරයෙන් බලපෑම් කර සිටිනවා. ඒ ජනතාව සම අයිතිය, සම ගෞරවය හා නිදහස සහිත ජීවත් විය යුතුයි කියන ස්ථාවරවයේ අප පසුවනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com