www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

නවාස් ඉන්දියාවේදි අත්අඩංගුවට


2021-02-12 09:04:16 -  209 යි

ඉකුත් 2017 වසරේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට පිලියන්දලදී වෙඩි තැබූ සිද්ධියේ සැකකරුවකු වන මොහොමඩ් නවාස් ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දියාවේ ජාත්‍යන්තර පොලිස් ශාඛාව නිල වශයෙන් දැනුම් දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

2017 වසරේ මැයි මස 9 වැනි දින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඇතුළු පිරිසකට පිලියන්දල ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම කර තිබුණි. එහිදී එක් පොලිස් කොස්තාපල්වරයකු හා පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව තුවාල ලැබීය.

මෙම වෙඩි තැබීමට මැදි වූ දරුවන් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කර සිටියදි 11 හැවිරිදි එක් දරුවකු මියගොස් ඇත.

පොලිස් ඔත්තු කරුවකු ලෙස පෙනී සිටිමින් මෙම අපරාධය හැසිරවීමට අනුබල ලබා දුන් පුද්ගලයා දැනට අත්අඩංගුවට ගෙන ඇති මොහොමඩ් මාෆීර් මොහොමඩ් නවාස් බවට හඳුනාගෙන තිබේ.

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇති මෙම සැකකරු වැල්ලම්පිටිය හා පොරුතොට පදිංචි පුද්ගලයකු බවටද කරුණු අනාවරණය වී තිබේ.

දැනට මදුරෙයි ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රඳවා සිටින අතර ඉදිරියේදී මෙරටට ගෙන්වා ගැනීමට උදර්පන නීතිය යටතේ කටයුතු සූදානම් කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com