www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

රිෂාඩ්ගේ කාලේ සතොස දූෂණ හෙළිවන ෆයිල් මිටිය අතුරුදන්

2021-02-10 09:04:01 -  212 යි

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා වෙළෙඳ ඇමැතිවරයාව සිටි අවධියේදී සතොසේ සිදුව ඇති රුපියල් බිලියන ගණනක වංචා, දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධ ලිපි ගොනු අතුරුදන්ව ඇතැයි වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන ඊයේ (09 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙම වංචාවන්හි මුල මැද සහ අග සොයා ගැනීම ගැටලුවක්ව ඇති නිසා දැනටමත් විගණන සමාගමක් වෝහාරික විගණනයක් ආරම්භ කර ඇතැයිද කී ඇමැතිවරයා අදාළ ලිපි ගොනු අතුරුදන්වී ඇති බව අනාවරණය වී ඇත්තේ මෙම විගණනයේදී බවද කීය.

මේ හේතුවෙන් මෙම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන බව කී ඇමැතිවරයා සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකි ලෙස 2015 සහ 2019 අතර කාලයේ සතොස ඇතුළු ඊට සම්බන්ධ ආයතනවලට අසාමාන්‍ය ලෙස අලාභ සිදුකර ඇතැයිද අවධාරණය කළේය.

සතොස සැපයුම්කරුවන්ට පමණක් ගෙවීමට ඇති මුදල රුපියල් බිලියන අටකට අධික බවද මෙහිදී හෙළිවිය. එක් සැපයුම්කරුවෙකුට පමණක් රුපියල් කෝටි අටකට වඩා ගෙවීමට තිබෙන බව අනාවරණය කෙරිණි.

පත්කළ මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
14 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com