www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පාස්කු විමර්ශන අසම්පූර්ණයි නීතිපති, පොලිස්පතිට දන්වයි

2021-02-10 08:55:47 -  194 යි

පාස්කු ප්‍රහාරයට අදාළව සිදුකර ඇති විමර්ශන සහ ඉදිරිපත් කර ඇති කරුණු අසම්පූර්ණ බව නීතිපති දප්පුල ද ලිවේරා පොලිස්පතිවරයා වෙත ඊයේ (9 වැනිදා) දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකර කඩිනමින් කරුණු වාර්තා කරන ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා වෙත දැනුම් දුන් බව නීතිපතිවරයාගේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතිඥ නිෂාරා ජයරත්න පැවැසුවාය.

ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබී තිබූ සාක්ෂි හා ලිපි ගොනු අධ්‍යයනය කළ නීතිපති දෙපාර්තමේන්තුව එහි අඩුපාඩු පවතින බව සඳහන් කරමින් පිටු 30ක ලිපියක් පොලිස්පතිවරයා වෙත යොමුකර ඇත. මෙම ප්‍රහාරය ස්වයං ඝාතන ප්‍රහාරයක් ලෙසද එම ලිපියෙන් හඳුන්වා දී තිබේ.

ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවක් ජනාධිපති ලේකම්වරයා මගින් ලබාගන්නා ලෙසටද උපදෙස් ලබාදී ඇත. එම වාර්තාවේ සාක්ෂිකරුවන් සහ අදාළ පාර්ශ්ව ලබාදී ඇති සාක්ෂි සහ අනෙකුත් ප්‍රකාශ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීමට අවශ්‍ය නම් සාක්ෂි සටහන් කර ගන්නා ලෙසද දැනුම් දී ඇත. පාස්කු ප්‍රහාරයේ නඩු කටයුතු ප්‍රමාද වීම වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා ලෙසද නීතිපතිවරයා පොලිස්පතිවරයාට දැනුම් දුන් බව ඇය පැවැසුවාය.

අදාළ උපදෙස් අධ්‍යයනය කර ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දින 14ක් ඇතුළත වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දිය යුතු බව නීතිපතිවරයා පොලිස්පතිවරයාට යොමු කළ ලිපියේ සඳහන් වෙයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
14 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com