ප්‍රංශය හා ලන්ඩනයේ සිටින ප්‍රධාන මත්කුඩු ජාවාරම්කරුවන්ගේ මෙරට ජාලය මෙහෙයවූ ශිවා නමැත්තාගේ නිවසෙන් හමු වූ මිනිකූපර් මෝටර් රථය පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරියකුද කලින් භාවිත කර ඇතැයි හෙළි වී ඇත. තලාහේන, ජයමාවතේ දී ශිවාගේ දෙවැනි බිරිඳ ඉකුත් 03 වැනිදා අත්අඩංගුවට ගත් පසු ඔවුන්ට අයත් රුපියල් කෝටි 05 ක් පමණ වටිනා වාහනද ජාඇළ, නිවසක තිබී සොයාගෙන තිබිණි.
එම වාහන අතරේ වූ මිනිකූපර් රථය දැනට අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරියකුට මීට පෙර පරිහරණයට ලබා දී ඇතැයි පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ.
එමෙන්ම මීට ඉහතදී කේරළ ගංජා කිලෝ 400 ක් සමග පෑලියගොඩදී අත්අඩංගුවට ගත් වාහන අතරේද මෙම මිනි කූපර් රථයද තිබී ඇත.
ප්‍රංශයේ සිටින රූබන් හා එංගලන්තයේ සිටින කුඩුලාල් යන දෙදෙනාගේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවා ඇත්තේ ශිවා හෙවත් නන්ද කුමාර් ශිවනන්දන් බව හෙළිව තිබේ.
දැනට අතුරුදන්ව සිටින මෙම ශිවා නමැත්තා ඉන්දියාවට පැනගිය බවටද සැක පහළවී තිබේ.
එම වාහන අතරේ වූ මිනිකූපර් රථය දැනට අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරියකුට මීට පෙර පරිහරණයට ලබා දී ඇතැයි පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ.
එමෙන්ම මීට ඉහතදී කේරළ ගංජා කිලෝ 400 ක් සමග පෑලියගොඩදී අත්අඩංගුවට ගත් වාහන අතරේද මෙම මිනි කූපර් රථයද තිබී ඇත. ප්‍රංශයේ සිටින රූබන් හා එංගලන්තයේ සිටින කුඩුලාල් යන දෙදෙනාගේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවා ඇත්තේ ශිවා හෙවත් නන්ද කුමාර් ශිවනන්දන් බව හෙළිව තිබේ. දැනට අතුරුදන්ව සිටින මෙම ශිවා නමැත්තා ඉන්දියාවට පැනගිය බවටද සැක පහළවී තිබේ.